ප්‍රධාන වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් යළි ඉහළට

Report

අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද  දිනයේදී ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබේ. ඒ අනුව, ඩොලරයක විකුණුම් මිල රුපියල් 335ත් 337ත් අතර මට්ටමක පවතී.

සෙලාන් බැංකුවේ අද විනිමය අනුපාත අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 327.30 සිට රුපියල් 327.40 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 336.55 සිට රුපියල් 336.65 දක්වා ඉහළ ගොස් ඇත.

NDB බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 327.10 සිට රුපියල් 327.30 දක්වා ඉහළ ගොස් තිබේ.

එහි විකුණුම් අනුපාතය ද රුපියල් 336.10 සිට රුපියල් 336.30 දක්වා වැඩි වී ඇත. මහජන බැංකුවේ වාර්තා අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 327.61 සිට රුපියල් 327.66 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 335.73 සිට රුපියල් 335.79 දක්වා ඉහළ ගොස් තිබේ.

කොමර්ෂල් බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 325.58 සිට රුපියල් 325.83 දක්වා ඉහළ ගොස් ඇත. එහි විකුණුම් අනුපාතය රුපියල් 335.50 සිට රුපියල් 335.75 දක්වා වැඩි වී තිබේ.

මේ අතර, සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 327.50 සිට රුපියල් 328.00 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 335.50 සිට රුපියල් 336.00 දක්වා ඉහළ ගොස් ඇත.

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න

බැංකු ගනුදෙනුකරුවන්ට මහජන බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 1 සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය මෙන්න