ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් පල්ලම් බසියි - අද ඩොලර් මිල ගණන් මෙන්න

Report

සඳුදා දිනයට සාපේක්ෂව අද  ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් තිබේ. ඒ අනුව, ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 335 සීමාව ඉක්මවා ගොස් ඇත.

සෙලාන් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 326.25ක් සහ විකුණුම් අනුපාතිකය රු. 335.50ක් ලෙස නොවෙනස්ව පවතී.

NDB බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 326.00 සිට රු. 326.50 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 335.00 සිට රු. 335.50 දක්වාත් ඉහළ ගොස් තිබේ.

මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 326.43 සිට රු. 327.17 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 334.52 සිට රු. 335.28 දක්වා ඉහළ ගොස් ඇත.

කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතිකය රු. 324.34 සිට රු. 325.09 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 334.25 සිට රු. 335.00 දක්වාත් ඉහළ ගොස් තිබේ.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතිකය රු. 326.50 සිට රු. 327.00 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 334.50 සිට රු. 335.00 දක්වාත් ඉහළ ගොස් ඇත.

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අඩුයි කිව්වට මෙච්චර අඩුයි කියලා කවුද හිතුවේ - අද පොරකකා ගන්න එන රන් මිල ගණන්

අද ඩොලරයේ අගය යළි ඉහළට - ප්‍රධාන බැංකු කිහිපයකම විකුණුම් මිල වෙනස් වෙයි

අද ඩොලරයේ අගය යළි ඉහළට - ප්‍රධාන බැංකු කිහිපයකම විකුණුම් මිල වෙනස් වෙයි