අද ඩොලරයේ අගය යළි ඉහළට - ප්‍රධාන බැංකු කිහිපයකම විකුණුම් මිල වෙනස් වෙයි

Report

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (28) දිනයේදී ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව ඇතැම් වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතිකය රුපියල් 335 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෙලාන් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 325.95ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රුපියල් 335.20ක් ලෙසත් නොවෙනස්ව පවතිනවා.

NDB බැංකුවේ ගැනුම් අනුපාතිකය රුපියල් 325.50 සිට රුපියල් 326 දක්වාත්, විකුණුම් අනුපාතිකය රුපියල් 334.50 සිට රුපියල් 335 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326.33 සිට රුපියල් 326.43 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකයද රුපියල් 334.42 සිට රුපියල් 334.52 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 324.34ක් සහ විකුණුම් අනුපාතිකය රුපියල් 334.25ක් ලෙස නොවෙනස්ව පවතිනවා.

මේ අතර, සම්පත් බැංකුවේ ඩොලරයේ ගැනුම් අනුපාතිකය රුපියල් 326 සිට රුපියල් 326.50 දක්වාත්, විකුණුම් අනුපාතිකය රුපියල් 334 සිට රුපියල් 334.50 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර

සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර