යුද්දය අවසන් වෙන්නේ මේක වුණොත් විතරයි - එතකම් අවසන් දවසක් කියන්නේ නැහැ
අමෙරිකාවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසා ඇත්තේ සාර්ථක ප්‍රතිඵල අත්කරගන්නා තුරු ඉරානයට එරෙහි යුද මෙහෙයුම් පවත්වාගෙන යාම අමෙරිකාවේ අපේක්ෂාව වී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමේ දී එහි අවසානයක් හෝ සීමාවන් පිළිබඳ සතුරු පාර්ශවයට හෝ වෙනත් ආකාරයකට ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
ජයග්‍රහණය අරමුණු කරගනිමින් අමෙරිකාව වෙනුවෙන් මෙම සටන සිදුකරන බවද අමෙරිකාව සමඟ සටන් කිරීමට හැකියාවක් නොමැති බවට අවබෝධ කරගත් පසු ඉරානය යටත් වනු ඇති බව ඔහු පවසයි.
විශේෂයෙන් මේ වන විට ඉරාන නාවික හමුදාව සම්පූර්ණයෙන්ම අවසන් වී ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ සඳහන් කර තිබේ.