යුද්දෙන් ලංකාවත් බැටකයි - මෙහෙම ගියොත් ලංකාවත් ලෝක අමාරුවක
මැදපෙරදිග යුදමය තත්ත්වය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් ගමන් සීමා කිරීම් හේතුවෙන්, මාර්තු මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවේ දැවැන්ත පසුබෑමක් ඇති වී තිබේ.
මෙම තත්ත්වය තුළ, මාර්තු පළමු සිට හතරවන දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සංචාරකයින් 23,116 ක් පමණි. 2025 වසරේ එම කාලයට (30,824) සාපේක්ෂව මෙය සියයට 25 ක පහත වැටීමකි.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් සියයට 34 ක් පමණ මැදපෙරදිග රටවල ගුවන්තොටුපළ පර්යන්ත හරහා ගමන් කරයි.
යුද්ධය හේතුවෙන් ගුවන් අවකාශය වසා දමා ඇති අතර දහස් ගණනක් ගුවන් සේවා අවලංගු කර ඇති බැවින් යුරෝපීය මගී පැමිණීම් සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.