2026 වෙසක් උත්සවයට ශ්‍රී ලංකාවෙන් සහාය - අගමැති

Sri Lanka Government Harini Amarasuriya Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 04, 2025 06:08 PM GMT
Shehan

Shehan

Report

2026 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් සැමරුමට ශ්‍රී ලංකාවේ සහාය ලබාදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇමෙරිකානු බෞද්ධ දූත පිරිස හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කළාය.

ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණි මෙල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ ඇතුළු බෞද්ධ දූත පිරිස අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරිය මෙම ප්‍රකාශය සිදුකළාය.

උතුරේ වැහෙන පාසල් - රජයේ තීරණයට උතුරේ ඇමතිත් කැමතියි

උතුරේ වැහෙන පාසල් - රජයේ තීරණයට උතුරේ ඇමතිත් කැමතියි

2026 වෙසක් උත්සවය සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට නිල ආරාධනයක් ද මෙහිදී භාරදෙනු ලැබීය.

එම ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා අස්ගිරි සහ මල්වතු පාර්ශවයන්හි මහානායක හිමිවරුන් ඇතුළු සංඝයා වහන්සේලා පිරිසක් ටෙක්සාස් වෙත වැඩම කිරීමට නියමිතය.

"අම්මෝ එයාගේ ඇස් එයාගේ තොල්" ප්‍රසිද්ධ මාධ්‍යයේ ට්‍රම්ප් කියපු කැත කතාව

"අම්මෝ එයාගේ ඇස් එයාගේ තොල්" ප්‍රසිද්ධ මාධ්‍යයේ ට්‍රම්ප් කියපු කැත කතාව

ටෙක්සාස් හි රාජ්‍ය වෙසක් උත්සවය 2026 මැයි 2 සිට 10 දක්වා භික්ෂූන් වහන්සේලා 200කට අධික පිරිසකගේ සහ ආරාධිත රාජ්‍ය සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත. එහිදී බුදුන් වහන්සේගේ භෞතික පැමිණීම සංකේතවත් කරමින් උන්වහන්සේගේ පූජනීය ධාතු ප්‍රදර්ශනය කිරීමටද අපේක්ෂා කෙරේ. එසේම, භාෂා 10කින් ත්‍රිපිටකය කැටයම් කරන ලද කිරිගරුඬ ගල් ස්තූප 840කින් යුත්, ඩොලර් මිලියන 200ක වටිනාකමින් යුත් චෛත්‍යයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව බෞද්ධ දූත පිරිස අග්‍රාමාත්‍යවරිය හමුවූ අවස්ථාවේදී පැවසීය.

"මහින්දට නිවසක් - ජනතාව ඔප්පුවත් අරගෙන බලාගෙන ඉන්නවා" - දිලුම් අමුණුගම

"මහින්දට නිවසක් - ජනතාව ඔප්පුවත් අරගෙන බලාගෙන ඉන්නවා" - දිලුම් අමුණුගම

මෙම අවස්ථාවට පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ReeCha