අත්වැරදීමකින් කේබලයක් කැපීම නිසා ඇමරිකාවේ ප්‍රධාන ගුවන් තොටුපළ රැසක ගුවන් ගමන් සිය ගණනක් ඇණහිටියි

Report

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන ගුවන් තොටුපළ කිහිපයක ගුවන් ගමන් සිය ගණනක් ප්‍රමාද වීමට හේතුවී ඇත්තේ ගුවන් ගමන් පාලනය සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය කේබලයක් ඉදිකිරීම් කම්කරුවන් පිරිසක් විසින් අත්වැරදීමකින් කපා දැමීමයි.

සඳුදා දහවල් වනවිට නිව් යෝර්ක්, පෙන්සිල්වේනියා, නිව් ජර්සි සහ මැසචුසෙට්ස් ප්‍රාන්තවල ගුවන් තොටුපළ කිහිපයක ගුවන් ගමන් ප්‍රමාද කිරීම් සහ අත්හිටුවීම් වාර්තා විය.

පැය කිහිපයකට පසු අදාළ කේබලය අලුත්වැඩියා කර ඇති බවත්, ගුවන් තොටුපළ මෙහෙයුම් යථා තත්ත්වයට පත්වෙමින් ඇති බවත් ඇමරිකානු ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆී ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, තවදුරටත් ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බව ඔහු සඳහන් කළේය.

මෙම බාධාව ඇති වූයේ නිව් යෝර්ක් නගරයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට පෙර දිනයේදීය.

සැසිවාරයට සහභාගී වීම සඳහා ලොව පුරා රාජ්‍ය නායකයින් සහ නියෝජිතයින් විශාල පිරිසක් නිව් යෝර්ක් කලාපයේ ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටිති.

හානියට පත් කේබලය ගුවන් යානා ගුවන්ගත කිරීමේදී සහ ගොඩබෑමේදී ඒවා මෙහෙයවීමට භාවිත කරන Terminal Radar Approach Control (TRACON) පද්ධතියට සම්බන්ධ වූවක් බව ප්‍රවාහන නිලධාරීහු සඳහන් කළහ.

ඉරාන විදේශ අමාත්‍යවරයා නිව්යෝර්ක් වෙත පිටත් වේ

ඉරාන විදේශ අමාත්‍යවරයා නිව්යෝර්ක් වෙත පිටත් වේ

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් මුලදී ඇමරිකානු ප්‍රවාහන ලේකම්වරයා පවසා තිබුණේ ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටි Amtrak සේවකයින් විසින් කේබලයට හානි කර ඇති බවයි.

පසුව ඇමරිකානු මාධ්‍ය වෙත අදහස් දක්වමින් Amtrak ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ සිද්ධියට NJ Transit හි කොන්ත්‍රාත්කරුවෙකු සම්බන්ධ බවයි.

කේබලයේ හිමිකාරීත්වය දරන විදුලි සංදේශ සමාගම වන Verizon ද සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට වගකීමක් නොමැති බව ප්‍රකාශ කර තිබේ. මේ අතර, හානියට පත් කේබලය උපස්ථ ජාලයකට අයත් වූවක් බව වාර්තා වේ.

ගුවන් ගමන් බාධාව හේතුවෙන් මගීන් ද දැඩි අපහසුතාවට පත්ව ඇති අතර, එඩින්බරෝ සිට නිව් යෝර්ක් බලා පැමිණි ඩග්ලස් ටියුනියන් නමැති මගියෙකුගේ ගුවන් යානය බොස්ටන් වෙත හරවා යවා තිබේ.

ඔහු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ නිව් යෝර්ක් වෙත ළඟා වීමට නියමිත වේලාව ඉක්මවා පැය දෙකකට ආසන්න කාලයක් ගතවී තිබියදීත්, තමන් ඇතුළු මගීන්ට පැහැදිලි තොරතුරක් නොලැබුණු බවත්, ගුවන් යානය තුළම බොස්ටන් ගුවන් තොටුපළේ ධාවන පථය මත රැඳී සිටීමට සිදුවූ බවත්ය.

ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්

ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්

විශ්‍රාමික නිලධාරියා අනතුරේ - රාජ්‍ය බැංකුවේ ඇප් එකෙන්ම ලක්ෂ ගාණකට වග කියන අපරාධකරුවන්

විශ්‍රාමික නිලධාරියා අනතුරේ - රාජ්‍ය බැංකුවේ ඇප් එකෙන්ම ලක්ෂ ගාණකට වග කියන අපරාධකරුවන්