ඉරාන විදේශ අමාත්‍යවරයා නිව්යෝර්ක් වෙත පිටත් වේ

Report

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි මහතා ප්‍රමුඛ එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර වෙත ළඟා වී තිබේ.

ඉරාන 'IRNA' රාජ්‍ය ප්‍රවෘත්ති සේවයට අනුව, ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නිත්‍ය නියෝජිතවරයා සහ භාරකාර නිලධාරියා විසින් පිළිගෙන ඇත.

පොලිසියෙන් රියදුරන්ට හා මගීන්ට අනතුරු ඇඟවීමක් - ඉඩ නැතිව තුන්වෙනි මගියෙක්ට ගමන් තහනම්

පොලිසියෙන් රියදුරන්ට හා මගීන්ට අනතුරු ඇඟවීමක් - ඉඩ නැතිව තුන්වෙනි මගියෙක්ට ගමන් තහනම්

නිව්යෝර්ක් බලා පැමිණෙන අතරතුර දෝහා අගනුවරට ගිය විදේශ අමාත්‍යවරයා, කටාර් රාජ්‍යයේ උසස් නිලධාරීන් හමුවී කලාපීය තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා පවත්වා තිබේ. මේ අතර, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතීම සඳහා ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් මහතා ද අද (22) නිව්යෝර්ක් නුවර වෙත පැමිණීමට නියමිතයි.

මෙම සංචාරය අතරතුර ඉරාන ජනාධිපතිවරයා ලෝක නායකයින් සහ විදේශීය උසස් නිලධාරීන් රැසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමට සැලසුම් කර ඇත.

අද දවසේ එළියට අඩිය තියන්න කලින් මේ ලග්න හිමියන්ට හිමි බලගතු ලග්න පලාපල මෙන්න

අද දවසේ එළියට අඩිය තියන්න කලින් මේ ලග්න හිමියන්ට හිමි බලගතු ලග්න පලාපල මෙන්න