අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

Report

ලංකා පොස්පේට් සමාගම හරහා සිදුකළ පොස්පේට් අපනයන ජාවාරමකට අදාළව රුපියල් ලක්ෂ 81ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනා මත, හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ ඌව පළාත් සභාවේ සංවර්ධන නිලධාරියා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් ඊයේ (21) ප.ව. 4.55ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

අද දවසේ එළියට අඩිය තියන්න කලින් මේ ලග්න හිමියන්ට හිමි බලගතු ලග්න පලාපල මෙන්න

අද දවසේ එළියට අඩිය තියන්න කලින් මේ ලග්න හිමියන්ට හිමි බලගතු ලග්න පලාපල මෙන්න

ලංකා පොස්පේට් සමාගම මඟින් විධිමත් රාජ්‍ය පටිපාටියෙන් බාහිරව තෝරාගත් සමාගම් 3කට පමණක් පොස්පේට් අපනයනය සඳහා පහසුකම් සැලසීම සහ ඊට අදාළ අපනයන බලපත්‍ර ලබා ගැනීමට සහාය වීම වෙනුවෙන් අදාළ සමාගම්වලින් මෙම මුදල ඉල්ලා ලබාගෙන ඇති බවට සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය පියවර ගැනීම සඳහා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.

22 ගැන අධිකරණය දුන් තීන්දුව අද පාර්ලිමේන්තුවට

22 ගැන අධිකරණය දුන් තීන්දුව අද පාර්ලිමේන්තුවට