තීරණාත්මක තීන්දුව උදෙසා පාස්කු වින්දිතයන් මහාධිකරණයට රැගෙන එයි

Report

2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව ගොනුකර ඇති ප්‍රධාන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් පිරිස කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත මේ වනවිට රැගෙන විත් තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය සැලසුම් කිරීම, මිනිස් ඝාතන සිදුකිරීම, බරපතල තුවාල සිදුකිරීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

සියල්ල බලා සිටි තීරණාත්මක පාස්කු නඩුවේ තීරණය අද - අලුත්කඩේ අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

සියල්ල බලා සිටි තීරණාත්මක පාස්කු නඩුවේ තීරණය අද - අලුත්කඩේ අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාළ ඓතිහාසික නඩු තීන්දුව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (22) දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත අතර, අධිකරණ පරිශ්‍රය වටා විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇත.

අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට

අමාත්‍ය චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අත්අඩංගුවට