වාහනයේ පසුපස මැද ආසනයටත් අමතර ආසන පටි සවි කරගන්න පුළුවන්- නව ආසන පටි නීතිය ගැන ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගෙන් පැහැදිලි කිරීමක්

Report

නව ආසන පටි නීතිය යටතේ පස් දෙනෙකුගෙන් යුත් පවුලක් වාහනයක ගමන් කරන අවස්ථාවක, දරුවෙකුට ගමන් කිරීමට පහසු වන පරිදි පසුපස ආසනයේ මැද කොටසට අමතර ආසන පටියක් සවි කර ගැනීමට හැකියාව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පැවසුවේ නීතියේ අරමුණ වාහනයක ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව සීමා කිරීම නොව, සෑම මගියෙකුගේම ආරක්ෂාව තහවුරු කිරීම බවයි.

දැනටමත් ආසන පටි සවි කර ඇති වාහනවල ගමන් කරන සියලුම මගීන් ඒවා පැළඳිය යුතු අතර, ආසන පටි නොමැති වාහන සඳහා ඒවා සවි කර ගැනීමට වසරක කාලයක් ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම නීතිය සැප්තැම්බර් 19 වැනිදා සිට අනිවාර්ය කර තිබේ. මෑතකදී අධිවේගී මාර්ගයේ සිදුවූ වාහන 11ක් සම්බන්ධ අනතුරේදීද ආසන පටිවල වැදගත්කම පැහැදිලි වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එහිදී බස් රථයේ සිටි මගීන් ආසන පටි පැළඳ සිටීම හේතුවෙන් බරපතළ අනතුරක් සිදුවුවද ඔවුන්ට සිදුව ඇත්තේ සුළු තුවාල පමණක් බව ඔහු පැවසීය.

පවුලක දරුවන් තිදෙනෙකු සහ දෙමාපියන් දෙදෙනෙකු සිටින අවස්ථාවක, එක් දරුවෙකු සඳහා පසුපස ආසනයේ මැද කොටසට අමතර ආසන පටියක් සවි කර ගැනීමට හැකි බවද බිමල් රත්නායක සඳහන් කළේය.

ඔහු අවධාරණය කළේ නව නීතියේ ප්‍රධාන අරමුණ මගීන් සංඛ්‍යාව සීමා කිරීම නොව, වාහනයේ ගමන් කරන සෑම මගියෙකුටම ආසන පටියක් ලබාදීම සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම බවයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ භයානක අනතුරට හේතුව මෙන්න- කැබ් රථයේ පිස්සු වැටුණු වේගය නිසා වාහන 10ක් එකිනෙක හැපෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ භයානක අනතුරට හේතුව මෙන්න- කැබ් රථයේ පිස්සු වැටුණු වේගය නිසා වාහන 10ක් එකිනෙක හැපෙයි

ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්

ඉදිරි පැය 36 තුළ නිරිතදිග ප්‍රදේශවලට තද වැසි සහ සුළං - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්