දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ භයානක අනතුරට හේතුව මෙන්න- කැබ් රථයේ පිස්සු වැටුණු වේගය නිසා වාහන 10ක් එකිනෙක හැපෙයි
ගාල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක රියදුරුගේ අධික වේගය සහ බරපතළ නොසැලකිලිමත්කම දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ අනතුරට හේතුවී ඇති බව පොලිසිය පවසයි.
අද උදෑසන 6.15ට පමණ ගැලනිගම සහ දොඩන්ගොඩ අතරදී මෙම අනතුර සිදුව තිබේ.
කැබ් රථය හදිසියේ තිරිංග යෙදීමෙන් පසු අධිවේගී මාර්ගයේ ආරක්ෂක බාධකයක ගැටී ඇති අතර, අනතුරුව පාසල් සිසුන් රැගෙන ගිය බස් රථයක ද ගැටී ඇත. එම ගැටුමත් සමඟ අකුරැස්ස–කොළඹ මගී බස් රථයක් ඇතුළු තවත් වාහන අටක් සම්බන්ධ වූ අනතුරු මාලාවක් සිදුව තිබේ.
මීට පෙර වාර්තා කළ පරිදි, පාසල් සිසුන් අට දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
පාසල් සිසුන් ආසන පටි පැළඳ සිටීම හේතුවෙන් ඔවුන් සුළු තුවාල සහිතව බේරී ඇති බව පොලිසිය සඳහන් කළේය.