දරුවන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වහාම කෙටුම්පතක් හඳුන්වා දීමට සූදානමක් - හේතුව මෙන්න
සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තාක්ෂණය හමුවේ දරුවන් සහ තරුණ පරපුර මුහුණ දෙන අවදානම්වලින් ඔවුන් ආරක්ෂා කිරීමට ජාතික හා කලාපීය මට්ටමින් ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් UNICEF සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ (21) දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා ඇත.
එහිදී දරුවන්ගේ ඩිජිටල් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර තිබෙනවා.
එසේම දැනුවත් කිරීම හා බලගැන්වීම, Safety by Design සංකල්පය සහ නීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම යන ක්ෂේත්‍ර ඔස්සේ ක්‍රියාත්මක කිරීමට මෙහිදී තීරණය විය.
එසේම පළමුව, දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් සඳහා ඩිජිටල් සාක්ෂරතාව සහ ආරක්ෂිත අන්තර්ජාල භාවිතය පිළිබඳ දැනුවත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර මේ වන විටත් ඩිජිටල් කාර්ය සාධක බලකාය විසින් UNICEF හි සහාය ඇතිව දරුවන් සඳහා වන Online Safety Guidelines කෙටුම්පත සකස් කර ඇති බව සඳහන්.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ට ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කරයි - දිවයින පුරා පැවැත්වෙන දින මෙන්න
එසේම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් එය කඩිනමින් හඳුන්වාදීමට මේ වන විට පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. තවද ඩිජිටල් වේදිකා නිර්මාණය කිරීමේදී දරුවන්ගේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය මුල සිටම ඇතුළත් කිරීමේ “Safety by Design” සංකල්පයේ වැදගත්කම පෙන්වා දී ඇත.
එමෙන්ම ගෝලීය තාක්ෂණික සමාගම් සමඟ තනි රටක් වශයෙන් සාකච්ඡා කිරීමට වඩා බිලියන දෙකකට ආසන්න ජනගහනයක් නියෝජනය කරන කලාපීය සහයෝගීතාවයක් ගොඩනැගීම ඔස්සේ ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් සඳහා බලපෑම් කිරීමට ශක්තිමත් පදනමක් සැකසෙයි.
එම කලාපීය සහයෝගීතාවය ඉදිරියට ගෙන යාමේ පියවරක් වශයෙන් WHO යෝජනාවකට අනුව 2027 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේදී කලාපීය සමුළුවක් පැවැත්වීමට නියමිතව ඇත.
පුටින් නැවතත් රුසියාවේ රජ වෙයි.. ලෝකෙම බලන් ඉන්න ප්‍රතිඵලය එන්නත් කළින්ම ආධිපත්‍ය පුටින්ගේ පක්ෂයට බවට අනාවැකි
එසේම ඊට පෙර WHO සහ UNICEF සහායෙන් අධ්‍යාපන, කාන්තා හා ළමා කටයුතු, අධිකරණ, මහජන ආරක්ෂක, සෞඛ්‍ය සහ ඩිජිටල් ආර්ථිකය යන අමාත්‍යාංශ එක්ව විශේෂ Roundtable Dialogue එකක් පැවැත්වීමටද සැලසුම් කර ඇත.
මේ වන විටත් අදාළ රාජ්‍ය ආයතන මඟින් ක්‍රියාත්මක කරමින් පවතින නීතිමය සහ තාක්ෂණික ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය යොමු වූ අතර, ඉදිරි Roundtable Dialogue මඟින් ඒ සඳහා වන ඉදිරි මගපෙන්වීම් ලබා ගැනීමට අපේක්ෂා කරන බව සඳහන්.
එසේම මෙම අවස්ථාවට UNICEF නියෝජිත එමා බ්‍රහම් (Emma Brigham) සහ WHO නියෝජිත වෛද්‍ය රාජේෂ් පාන්දව් (Dr. Rajesh Pandav) ඇතුළු නියෝජිත පිරිසක් එක් විය.