2027 අයවැය ගැන රටම බලාසිටින - විසර්ජන පනත් කෙටුම්පත ගැසට් වෙයි
By Malith Madushan
2027 මුදල් වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබේ. අදාළ පනත් කෙටුම්පත ගැසට් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගියදා හිමිවූ අතර, ඒ අනුව එය ඊයේ (21) ගැසට් කර ඇති බව සඳහන් වේ.
2027 මුදල් වර්ෂය සඳහා රජය අපේක්ෂා කරන සමස්ත වියදම රුපියල් බිලියන 4,992.773388ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. විසර්ජන පනත් කෙටුම්පතේ පළමු වර කියවීම ලබන ඔක්තෝබර් 7 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතය.
අනතුරුව දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව නොවැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ඊට අදාළ විවාදය නොවැම්බර් 13 සිට 20 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ. කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 වැනිදා ආරම්භ කර දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.