22 ගැන අධිකරණය දුන් තීන්දුව අද පාර්ලිමේන්තුවට

Report

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය කථානායකවරයා විසින් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තු වාරය අද සිට ලබන 25 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 18 වනදා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

සියල්ල බලා සිටි තීරණාත්මක පාස්කු නඩුවේ තීරණය අද - අලුත්කඩේ අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

සියල්ල බලා සිටි තීරණාත්මක පාස්කු නඩුවේ තීරණය අද - අලුත්කඩේ අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

ඊට එරෙහිව ගොනුකළ පෙත්සම් 67ක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාග වූ අතර, එහි අර්ථ නිරූපණය කථානායකවරයා වෙත යොමු කිරීමට සැප්තැම්බර් 02 වනදා පියවර ගැනුණි.

මේ අතර, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එළඹෙන 24 සහ 25 දෙදින තුළ පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

අද දවසේ එළියට අඩිය තියන්න කලින් මේ ලග්න හිමියන්ට හිමි බලගතු ලග්න පලාපල මෙන්න

අද දවසේ එළියට අඩිය තියන්න කලින් මේ ලග්න හිමියන්ට හිමි බලගතු ලග්න පලාපල මෙන්න

මෙම සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගය විසින් සැප්තැම්බර් 24 වනදා පොල්දූව මංසන්ධියේදී විරෝධතාවක් සංවිධානය කර තිබේ.