විදුලිය ඇනහිටීම් සම්බන්ධයෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

Report

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම මාසයේ 26 වැනි ඉරිදා උතුරු පළාතේ දිස්ත්‍රික්ක හතරකට විදුලි සැපයුම විසන්ධි වනු ඇත.

220kV වවුනියාව-මන්නාරම විදුලි රැහැන් නැවත සන්නයනය කිරීමේ කටයුතු සඳහා එදින උදෑසන 6.00 සිට සවස 7.00 දක්වා 132kV වවුනියාව-නව අනුරාධපුර විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය විසන්ධි කෙරෙන බව මණ්ඩලය සඳහන් කරයි.

මෙමඟින් යාපනය, කිලිනොච්චි, මුලතිව් සහ වවුනියාව යන දිස්ත්‍රික්කවලට බලපානු ඇති අතර, වැඩ කටයුතු අවසන් වූ වහාම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරන බව ද විදුලිබල මණ්ඩලය තහවුරු කර ඇත.

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

බෙංගාල බොක්ක කැළඹෙන්න යයි - ලංකාවට නරක ආරංචියක්

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල ලක්ෂ 4 සීමාව පනී

රන් වෙළඳපොල උණුසුම්.. රන් මිල ලක්ෂ 4 සීමාව පනී