ඉදිරි පැය 36 ගැන කාලගුණෙන් හදිසි අනතුරු ඇඟවීමක්- පළාත් රැසකට ම්.මී. 100 පැන්න තද වැසි

Report

ඉදිරි පැය 36 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බවද දැනුම් දී තිබේ.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

ලෝකයටම භයානක අනතුරු ඇඟවීමක් - සුපර් එල් නිනෝ' නිසා ලක්ෂ 4කට වැඩි පිරිසක් මියයාමේ අවදානමක්

ලෝකයටම භයානක අනතුරු ඇඟවීමක් - සුපර් එල් නිනෝ' නිසා ලක්ෂ 4කට වැඩි පිරිසක් මියයාමේ අවදානමක්

Gallery