තත්ත්වය දරුණු වෙද්දී ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි
ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (24) විවෘත කළ බව ජලාශ භාර ඉංජිනේරුවරු පවසති.
තවදුරටත් අධික වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වීමේ හැකියාවක් පවතී.
එම බැවින් ජලාශ වේල්ලට පහළින් පිහිටි කොත්මලාඔය දෙපස පදිංචිකරුවන්ට දැඩි අවධානයෙන් හා සැලකිලිමත්ව පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
මේ අතර ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දියඇලිවල ජල ධාරිතාව ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.