ලෝක ප්‍රසිද්ධ රේස්ලිං ශූර රෝමන් රේන්ස් ප්‍රියතම ප්‍රතිවාදියා තෝරයි - “අඩි 7කට වැඩි NBA දැවැන්තයෙක්”
WWE තරග වල දැවැන්ත ප්‍රතිවාදීන් රැසකට මුහුණ දී ඇති සුපිරි තරුවක් වන රෝමන් රේන්ස්, තමන්ට සිහින මට්ටමේ තරගයකට මුහුණ දීමට අවස්ථාව ලැබුණොත් තෝරාගන්නා ප්‍රතිවාදියා කවුරුන්ද යන්න හෙළි කර තිබෙනවා. විශේෂත්වය වන්නේ ඔහු තෝරාගෙන ඇත්තේ WWE ක්‍රීඩකයෙකු නොවීමයි.
රේන්ස්ගේ තේරීම වී ඇත්තේ අඩි 7යි අඟල් 1ක් පමණ උසකින් යුත් හිටපු NBA සුපිරි ක්‍රීඩක ෂැකිල් ඕ'නීල් හෙවත් Shaq. Complex සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මේ පිළිබඳ අදහස් දක්වමින් රේන්ස් සඳහන් කර ඇත්තේ, ෂැක්ගේ ඕනෑම අවධියක් නොව ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායම නියෝජනය කළ ඔහුගේ උපරිම දක්ෂතා දැක්වූ සමය තමන්ට අවශ්‍ය බවයි.
“I've beat a giant or two in my day. Give me Shaq back in the Laker days, and he's booming on everybody. That'll probably do the job. I got Shaq right now, for sure.” ලේකර්ස් කණ්ඩායම සමඟ ක්‍රීඩා කළ සමයේ ෂැක් තම ශරීර ශක්තිය සහ දැවැන්ත ප්‍රමාණය උපයෝගී කරගනිමින් ප්‍රතිවාදීන්ට දැඩි අභියෝගයක් එල්ල කළ ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියා.
මේ අතර, තම WWE වෘත්තීය දිවියේ ඉදිරි ගමන සම්බන්ධයෙන්ද රේන්ස් මෙහිදී අදහස් පළ කර තිබෙනවා. තරුණ WWE ක්‍රීඩකයින් ඉදිරියට පැමිණීමත් සමඟ තමන් ක්‍රමයෙන් වෘත්තීය දිවියේ අවසන් අදියර වෙත ළඟා වෙමින් සිටින බව රේන්ස් පෙන්වා දී තිබෙනවා.
“මේ තරුණ ක්‍රීඩකයින් ඉදිරියට වර්ධනය වෙද්දී, ඔවුන් මට නව තරග සහ නව අවස්ථා නිර්මාණය කරාවි,” යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා. තමන් ක්‍රමයෙන් පසුබසින විට නව පරපුර WWE හි ප්‍රධාන භූමිකාවන් භාරගනු ඇති බවත්, එමඟින් තමන්ට නව ප්‍රතිවාදීන් සමඟ තරග කිරීමට අවස්ථාව උදාවනු ඇති බවත් රේන්ස් පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, ෂැකිල් ඕ'නීල් සමඟ සිහින සටනක් පැවැත්වීමේ අදහස මේ වනවිටත් සැබෑ තරගයක් බවට පත්වී නැහැ. එය රේන්ස් විසින් සඳහන් කළ මනකල්පිත තරගයකි.
එහෙත් WWE තරුවකට ලොව වෙනත් ක්‍රීඩා ක්ෂේත්‍රයකින් දැවැන්ත ප්‍රතිවාදියෙකු තෝරාගැනීමට අවස්ථාවක් ලැබුණහොත්, තම තේරීම ලෙස ඔහු තෝරාගෙන ඇත්තේ ලේකර්ස් කණ්ඩායමේ උපරිම දක්ෂතා දැක්වූ සමයේ සිටි ෂැක් බව පැහැදිලියි.