ට්‍රම්ප්ට ඇමරිකාවෙන්ම කනේ පාරක් - වහාම තහනම ඉවත් කරන්නැයි ට්‍රම්ප් පරිපාලනයට නියෝග
ඉකුත් සතියේ ජනාධිපතිවරයා විසින් ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කරන ලද ප්රවෘත්ති ආයතන තුනකට වහාම ධවල මන්දිරයට ඇතුළුවීම නැවත ඉඩ ලබා දෙන ලෙස විනිසුරුවරයෙකු ට්‍රම්ප් පරිපාලනයට නියෝග කර ඇති බව සඳහන්.
ඒ අනුව කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණයක් තහනමට එරෙහිව තාවකාලික තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එනම් CNN, MS NOW සහ Politico යන නාලිකාවලට දින 14ක් සඳහා ප්‍රවේශය යථා තත්ත්වයට පත් කළ යුතු බවටයි.
එසේ නියෝග කර ඇත්තේ මෙම පියවර "ඔවුන්ගේ ව්‍යවස්ථාපිත නිසි ක්‍රියාදාම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් විය හැකි" බවට තීන්දු කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව ධවල මන්දිරය සඳහා ඔවුන්ගේ වාර්තාකරුවන්ගේ අවසරපත් රාජසන්තක කර ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, එම ආයතන තුන නීතිමය අභියෝගයක් දියත් කර තිබුණා.
එසේම ට්‍රම්ප් පරිපාලනය උසාවියේදී මෙම පියවර ආරක්ෂා කළ අතර, ආයතන අසත්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා කළ ද අධිකරණය එම තර්කය ප්‍රතික්ෂේප කර ඇත.
කෙසේ වෙතත් අඳාළ තීන්දුව පිළිබඳව ධවල මන්දිරය තවමත් අදහස් දක්වා නොමැති අතර, ජනාධිපතිවරයා වෙනුවෙන් කටයුතු කරන නීතිඥයින්ට තවදුරටත් නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව සඳහන්.
මේ අතර තහනම ක්‍රියාත්මක කිරීමේදී ධවල මන්දිරය "ප්‍රමාණවත් නිසි ක්‍රියා පටිපාටියක්" ක්‍රියාත්මක කර නොමැති බව පෙන්වීමට CNN, Politico සහ MS NOW "සාර්ථක වීමට ඉඩ ඇති" බව විනිසුරු තිමෝති කෙලී තීන්දු කර ඇත.\
රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න
එමෙන්ම ජාතික ආරක්ෂක හේතූන් මත මෙම තහනම් කිරීම් සිදු කර තිබෙන බවට ට්‍රම්ප් පරිපාලනය කරන තර්ක පිළිබඳව ද ඔහු සැක පහළ කළ අතර, ජනාධිපතිවරයා සිය මූලික නිවේදනයේ ඒ ගැන කිසිදු සඳහනක් නොකළ බව පෙන්වා දෙයි.
අඳාළ තීන්දුව තවදුරටත් සඳහන් වී ඇත්තේ, "පැමිණිලිකරුවන්ගේ දෘඩ අවසර පත්‍ර අවලංගු කිරීම ඇත්ත වශයෙන්ම ජාතික ආරක්ෂාව ආරක්ෂා කරනු ඇති බවට හෝ මෙම නඩු විභාගය ඉදිරියට යන අතරතුර ඔවුන්ගේ අවසර පත්‍ර නැවත ලබා දීමට අධිකරණය නියෝග කළහොත් ජාතික ආරක්ෂාව අනතුරේ වැටෙනු ඇති බවට විත්තිකරුවන්ගේ තර්කයට සත්‍ය සහායක් වාර්තාවේ නොමැත." යනුවෙන්.