බුත්තල - මොනරාගල මාර්ගයේ දරුණු අනතුරක් - 15ක් තුවාල 12ක් රෝහලට

Report

බුත්තල මොනරාගල මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේදී අද පෙරවරුවේ ලංගම බස් රථයක පිටුපස පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ගැටීමෙන් 15 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

ඉන් බරපතළ තුවාල ලැබූ 12 දෙනකු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබේ.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ඒ අතර කාන්තාවන් 04 දෙනකු සහ පිරිමි පුදගලයන් 08 දෙනකු සිටින අතර ඔවුන් අතර බස් රථයේ කොන්දොස්තරවරයාද වේ.

තුවාල ලැබූ තවත් තිදෙනකු සුළු තුවාල ලබා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

මෙම අතුරෙන් තුවාල ලැබූවන් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව රෝහල් ගතකර ඇත. බස්රථයේ රියදුරන් දෙදෙනා බුත්තල පොලීසිය භාරයට ගෙන ඇති අතර ඔවුන් මත් ද්‍රව්‍ය හෝ මත් දියර පානය කර ඇත්තයි සෙවීමට පරීක්ෂණ පවත්වයි.

අනෝජන් වෙනුවෙන් රජයේ දූත පිරිසක් එතෙරෙට - මාලදිවයින හරහා විශේෂ මෙහෙයුමක්

අනෝජන් වෙනුවෙන් රජයේ දූත පිරිසක් එතෙරෙට - මාලදිවයින හරහා විශේෂ මෙහෙයුමක්