කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට තද වැසි- රියදුරන්ට පොලිසියෙන් සහ අධිවේගී මාර්ග අංශයෙන් හදිසි දැනුම්දීමක්
මේ වන විට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට තද වැසි ඇදහැලෙමින් පවතී. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රිය ධාවනයේදී දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
වර්ෂාව පවතින අවස්ථාවලදී රථවාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වාගෙන ගමන් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් මහතා දැනුම් දී තිබේ.
මේ අතර, පවතින අධික වර්ෂා තත්ත්වය හමුවේ අධිවේගී මාර්ගවල රිය ධාවනය කිරීමේදී ඉදිරියෙන් ධාවනය වන වාහනය සමඟ අවම වශයෙන් මීටර් 50ක පරතරයක් පවත්වා ගන්නා ලෙස අධිවේගී මාර්ග මෙහෙයුම් හා නඩත්තු අංශය උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම, රථවාහනවල විදුලි ලාම්පු දල්වාගෙන, වේගය සීමා කරමින් සහ මාර්ග තත්ත්වය පිළිබඳ අවධානයෙන් යුතුව රිය ධාවනය කරන ලෙසද එම අංශය වැඩිදුරටත් දැනුම් දෙයි.