ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්
පරිශීලකයින් වෙත වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබා දීමේ අරමුණින් ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය යාවත්කාලීන කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව, පළාත් සභා විසින් දන්වා ඇත්තේ 2026 සැප්තැම්බර් 25 වන සිකුරාදා දින සිට 2026 සැප්තැම්බර් 28 වන සඳුදා දින දක්වා කාලය තුළ පහත සඳහන් පළාත් 8 හි ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවන බවයි.
ඒ අනුව මධ්‍යම පළාත , උතුරු මැද පළාත , වයඹ පළාත , දකුණු පළාත , නැගෙනහිර පළාත , උතුරු පළාත , සබරගමුව පළාත , ඌව පළාත යන පළාත් 8 හි ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි.
එමෙන්ම අදාළ පද්ධති යාවත්කාලීන කිරීම්වලින් අනතුරුව, 2026 සැප්තැම්බර් 29 වන අඟහරුවාදා දින සිට නැවත සාමාන්‍ය පරිදි සේවාවන් ලබා දීමට පද්ධතිය සක්‍රීය කරනු ලැබේ.
විවිධ ගැටළු නිසා රියදුරු බලපත්‍ර ගන්න බැරි වුණාද? ආබාධ සහිත පුද්ගලයන්ටත් රියදුරු බලපත්‍ර - විශේෂ ගැසට් සංශෝධනක්
මෙම තාවකාලික සේවා අත්හිටුවීම හේතුවෙන් සේවාලාභීන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව අදාළ පළාත් සභා කණගාටුව පළ කර ඇත.