මේ විදිහට විදෙස් ගමන් බලපත්‍ර අරන් රටින් පිටවූ අයට වැඩ වරදී - විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නියෝග

Report

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගෙන රටින් පිටවූ අපරාධකරුවන්ගේ විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ආගමන විගමන පාලකවරයාට ඊයේ (23) දින නියෝග කර ඇත.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ප්‍රසිද්ධ නඩුවක සැකකරුවකු වශයෙන් නම් කර තිබෙන ප්‍රසිද්ධ පාතාල කල්ලි සාමාජිකයෙකුගේ විදෙස් ගමන් බලපත්‍රය තහනමට ලක් කරන්නැයි කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

එමෙන්ම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත්කරමින් පවසා සිටියේ ව්‍යාජ උප්පැන්න, ව්‍යාජ ජාතික හැඳුනුම්පත් ඇතුළු ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවට තහවුරු වන්නේ නම් ඒ පිළිබඳව මූලික නීතිය ක්‍රියාත්මක කිරීමට ආගමන විගමන පාලකවරයාට හැකි බවයි.

රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ නිවේදනයක් - අද සිට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භයි

රියදුරු බලපත්‍ර අපේක්ෂාවෙන් ඉන්න අයට විශේෂ නිවේදනයක් - අද සිට විශේෂ ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භයි

එසේම කොළඹ අපරාධ කොට්ඨාසය බී වාර්තාවක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ අදාළ අපරාධකරු රටින් පිටවීමට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් භාවිතා කිරීම නිසා මෙම ඉල්ලීම සිදු කරන බවයි.

තවද සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බැවින් සැකකරුගේ නම විවෘත අධිකරණයේ කිව නොහැකි බවත් බී වාර්තාවේ සඳහන් ආකාරයට අදාළ ඉල්ලීමට නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටි බව සඳහන්.

මේ අතර කරුණු සලකා බැලූ මහේත්‍රාත්වරයා සිද්ධියට අදාළව මූලික නෛතික ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස දන්වමින්, සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රය ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගන්නා ලෙසට නිගමන පාලකවරයාට නියෝග කර තිබෙන බව වාර්තා වේ.

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ගන්න පොරකන තරමට අඩු වුණ අද රන් මිල - පවුම් භාගයක් ගන්න හිතපු අයට පවුමක්ම ගන්න හිතෙන අලුත්ම රන් මිල ගණන් මෙන්න

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්