අධිකරණය ඩිජිටල් වෙයි – කොළඹ දිසා අධිකරණයට e-නඩු පහසුකම

Report

මෙරට අධිකරණ ක්ෂේත්‍රය ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොළඹ දිසා අධිකරණය වෙත විද්‍යුත් නඩු ගොනු කිරීමේ පහසුකම හඳුන්වා දී තිබේ.

සාම්ප්‍රදායික කඩදාසි ගොනු මත පදනම් වූ අධිකරණ ක්‍රියාවලිය නවීන හා කාර්යක්ෂම ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීමේ අරමුණින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ 'E Courts' ව්‍යාපෘතිය මඟින් මෙය ක්‍රියාත්මක කර ඇත.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සෘජු අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ සිදුකරන මෙම ව්‍යාපෘතිය සඳහා තාක්ෂණික සහාය ලබාදෙන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයයි.

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ඊයේ (23) දින ප්‍රථම විද්‍යුත් නඩුව ගොනු කරමින් මෙම පද්ධතිය නිල වශයෙන් ආරම්භ කෙරිණි. ශ්‍රේෂ්ඨාධිකරණයේ ලියාපදිංචි සියලු නීතිඥවරුන්ට කොළඹ දිසා අධිකරණයේ නිල වෙබ් අඩවිය හරහා තමන්ගේ පරිශීලක ගිණුමට ප්‍රවේශ වී, පැය 24 පුරා ඕනෑම වේලාවක අධිකරණ ලේඛන හා නඩු ගොනු විද්‍යුත් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට මේ හරහා පහසුකම් සැලසේ.

පිරිවැය හා ඉඩකඩ ඉතිරි වීම, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ යාම මෙම පද්ධතියේ ප්‍රධාන වාසි ලෙස පෙන්වා දිය හැක.

අනෝජන් වෙනුවෙන් රජයේ දූත පිරිසක් එතෙරෙට - මාලදිවයින හරහා විශේෂ මෙහෙයුමක්

අනෝජන් වෙනුවෙන් රජයේ දූත පිරිසක් එතෙරෙට - මාලදිවයින හරහා විශේෂ මෙහෙයුමක්

ඉදිරියේදී දිවයින පුරා පිහිටි සෑම අධිකරණයක් සඳහාම මෙම පහසුකම ව්‍යාප්ත කිරීමට නියමිත අතර, කොළඹ සුළු හිමිකම් අධිකරණයේ විද්‍යුත් නඩු ගොනු කිරීමේ කටයුතු අධීක්ෂණය කිරීමට ද අගවිනිසුරුවරයා එක්ව සිටියේය.