චීනය මෙරට පක්ෂ විපක්ෂ නායකයින් එකට රැස්කරයි - චීන මහජන සමූහාණ්ඩුවේ 77 වැනි සංවත්සරය කොළඹදී සැමරෙයි

Report

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 77 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ (23) කොළඹදී පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ චීන තානාපති Wei Huaxiang මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට රජයේ නියෝජිතයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු ආරාධිත පිරිසක් සහභාගී වී තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් චීන තානාපතිවරයා සඳහන් කර ඇත්තේ, චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය සූදානම් බවයි.

2027 වසරේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් සපිරීම මෙන්ම, ඓතිහාසික රබර්-සහල් ගිවිසුමට වසර 75ක් සපිරීම ද සනිටුහන් වන බවද තානාපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

අධිකරණය ඩිජිටල් වෙයි – කොළඹ දිසා අධිකරණයට e-නඩු පහසුකම

අධිකරණය ඩිජිටල් වෙයි – කොළඹ දිසා අධිකරණයට e-නඩු පහසුකම

එමෙන්ම චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආර්ථික සහ සංවර්ධන සහයෝගීතාව පිළිබඳවද චීන තානාපතිවරයා අදහස් පළ කර තිබෙනවා.

කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ඇතුළු චීන සහයෝගයෙන් ක්‍රියාත්මක වූ ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව සඳහන් කළ ඔහු, දෙරට අතර සහයෝගීතාවයේ ප්‍රතිඵල ලෙස එම ව්‍යාපෘති සැලකිය හැකි බව පෙන්වා දී තිබෙනවා.

චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 77 වැනි සංවත්සරය මෙවර සැමරෙන්නේ චීනයේ ආර්ථික හා සමාජ සංවර්ධනය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුව ඇති පසුබිමකයි.

තානාපතිවරයා සඳහන් කර ඇත්තේ චීනය මේ වනවිට ලොව විශාලතම නිෂ්පාදන ආර්ථිකය සහ දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්ව ඇති බවයි. මෙම අවස්ථාව චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ අවස්ථාවක් ලෙසද සැලකිය හැකියි.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට තද වැසි- රියදුරන්ට පොලිසියෙන් සහ අධිවේගී මාර්ග අංශයෙන් හදිසි දැනුම්දීමක්

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට තද වැසි- රියදුරන්ට පොලිසියෙන් සහ අධිවේගී මාර්ග අංශයෙන් හදිසි දැනුම්දීමක්