ලංකාවම පුදුම කරමින් අමුතු කෙසෙල් කැනක් මතුවෙයි

By Ashfa May 18, 2026 10:22 AM GMT
Report

සාමාන්‍යයෙන් අසාමාන්‍ය ලෙස වැවුණු ඇඹුල් කෙසෙල් කැනක් හැටන් කොටගල භාතියපුරම් ප්‍රදේශයේ ගෙවත්තක තිබෙන අයුරු අප කැමරාවේ සටහන් විය.

කොටගල භාතියපුරම් ජනපදයේ පදිංචි එස්.සිවකුමාර් නම් පුද්ගලයාගේ ගෙවත්තේ අසාමාන්‍ය කෙසෙල් කැනක් ඵලදාව ගෙන ඇත.

සිව කුමාර් මහතා පවසා ඇත්තේ තමන් අලුතින් ඉදි කල වෙළදසැල ඉදිරිපිට සවි කිරිමට කෙසෙල් කැන් දෙකක් අවශ්‍ය තිබූ බවත්, එය තම ගෙවත්තෙන් කැපීමට යෑමෙදි ගෙවත්තේ කෙසෙල් වගාවේ කද මැදින් වැවුනු ඇඹුල් කෙසෙල්ගස දැක ගන්නට හැකි වූ බවත්ය.

සුභ ආරංචියක් - මේ අයට වන්දි ලබාදීමට සූදානමක් - අමාත්‍යවරයා නිවේදනය කරයි

සුභ ආරංචියක් - මේ අයට වන්දි ලබාදීමට සූදානමක් - අමාත්‍යවරයා නිවේදනය කරයි

වෙනත් කෙසෙල් කැන්වල කෙසෙල් මල කෙසෙල් ගසේ ඉහළින් පහළට වැවෙන අතර, මෙම කෙසෙල් කැනේ මළ කෙසෙල් ගස මැදින් හට ගෙන කැන ඉහළට පැහෙමින් පවතියි.

වැඩිදුරටත් සිවකුමාර් මහතා කියා සිටියේ එම කෙසෙල් කැන ගසේම ඉදෙන තෙක් බලා සිටින බවයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් - අමාත්‍යාංශ කටයුතු තාවකාලිකව අත්හිටුවයි

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක් - අමාත්‍යාංශ කටයුතු තාවකාලිකව අත්හිටුවයි