මීට පස්සේ හදිසි අවස්ථාවකදී ක්‍රියා කළ යුත්තේ මෙහෙමයි - ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට විශේෂ පුහුණුවක්

Report

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, ධීවර ප්‍රජාව සඳහා මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ පුහුණව හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පූනනිච්චිමුනායි, සහ වාලච්චේනේ යන ධීවර වරායන් කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (22) දින පවත්වා ඇත.

ඒ අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ මුහුද ආශ්‍රිතව සිය දෛනික ජීවනෝපාය පවත්වාගෙන යන ධීවර ප්‍රජාව මුහුණ දෙන හදිසි අවස්ථාවන්හිදී කඩිනම් ප්‍රථමාධාර ලබාදීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින්.

එසේම එහිදී, නාවික හමුදා හෙද කාර්ය මණ්ඩලය මඟින් දියේ ගිලීමේදී ප්‍රථමාධාර ලබාදීම, රුධිර වහනය පාලනය, මූලික ජීවිතාරක්ෂක ක්‍රම, සර්ප දෂ්ටන සඳහා මූලික ප්‍රතිකාර, තුවාල කළමනාකරණය සහ රෝගීන් ආරක්ෂිතව මාරු කිරීම ඇතුළු මූලික හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ඇත.

කෙසෙල් කිලෝවක් රු 500ට එහා අනිවාර්යයෙන් යනවා.. මෙහෙම ගියොත් කෙසෙල් කාලත් ඉවරයි - පාරිභෝගික‍යන්ට ලොකු ප්‍රශ්නයක්

කෙසෙල් කිලෝවක් රු 500ට එහා අනිවාර්යයෙන් යනවා.. මෙහෙම ගියොත් කෙසෙල් කාලත් ඉවරයි - පාරිභෝගික‍යන්ට ලොකු ප්‍රශ්නයක්

විශේෂයෙන්ම මෙහිදී මුහුදේදී ධීවරයින්ට මුහුණදීමට සිදුවන හදිසි අවස්ථාවන්හිදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ද දැනුවත් කර ඇත.

එසේම බෝ නොවන රෝග (NCDs) වළක්වා ගැනීම, දියවැඩියාව හා අධි රුධිර පීඩනය පාලනය, දේශීයව පහසුවෙන් ලබාගත හැකි ආහාර භාවිතයෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් පවත්වා ගැනීම, දුම්කොළ හා මත්පැන් භාවිතයෙන් වැළකීම, ශාරීරික අභ්‍යාස වල නිරතවීම සහ මානසික සෞඛ්‍යය පවත්වා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත් වූ බව සඳහන්.

හෙටයි අනිද්දයි ලංකාවට වෙන්න යන දේ ගැන දැන්මම රතු එළි - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පුද්ගලයින්ට වහාම ඉවත් වෙන්නයි නිවේදන

හෙටයි අනිද්දයි ලංකාවට වෙන්න යන දේ ගැන දැන්මම රතු එළි - ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පුද්ගලයින්ට වහාම ඉවත් වෙන්නයි නිවේදන

ඊට සමගාමීව ධීවර ප්‍රජාවට වෛද්‍ය පරීක්ෂණ වැඩසටහනක් පවත්වමින් රුධිර පීඩනය, රුධිර සීනි මට්ටම සහ ශරීර ස්කන්ධ දර්ශකය (BMI) පරීක්ෂා කිරීම ද සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නාවික හමුදාව සාගර ආරක්ෂාව තහවුරු කිරීමේ සිය ප්‍රධාන වගකීමට අමතරව, වෙරළාශ්‍රිත ජනතාවගේ සෞඛ්‍ය හා සුබසාධනය නඟාසිටුවීමට ද අඛණ්ඩව දායකත්වය ලබාදෙන බව සඳහන්.

පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස්

පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස්