ජනපති තලපතිට පමණක් සුබ පැතුවේ ඇයි - එජාපයෙන් චෝදනාවක්

Report

තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධුරයට පත්වූ සී. ජෝසප් විජේ (ප්‍රකට නළු විජේ) මහතා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව සුබ පැතුම් එක් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිය මවිතය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වා දෙන්නේ, විදේශීය රටක ප්‍රාන්ත හෝ පළාත් නායකයෙකු පත්වූ අවස්ථාවකදී වෙනත් රටක රාජ්‍ය නායකයෙකු මෙලෙස සෘජුව සුබ පැතුම් පණිවිඩ නිකුත් කිරීමේ රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායක් ලෝකයේ නොමැති බවයි.

ශ්‍රී ලංකා පොලිසියෙන් හදිසි ආපදා තත්ත්වය ගැන දැනුම්දීමක් - රටේ ජනතාව දැනුවත් වෙන්න - රියදුරන් විශේෂයි

ශ්‍රී ලංකා පොලිසියෙන් හදිසි ආපදා තත්ත්වය ගැන දැනුම්දීමක් - රටේ ජනතාව දැනුවත් වෙන්න - රියදුරන් විශේෂයි

සාමාන්‍යයෙන් වෙනත් රටක නායකයෙකු පත්වූ විට සුබ පැතුම් එක් කිරීම රාජ්‍ය නායක මට්ටමින් සිදු වුවද, ප්‍රාන්ත මට්ටමේ නායකයන් සඳහා එවැනි පණිවිඩ යැවීම රාජ්‍යතාන්ත්‍රික සිරිත් විරිත්වලට පටහැනි බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.

ඉන්දියාවේම අලුතින් තේරී පත්වූ බටහිර බෙංගාල මහ ඇමති සුවෙන්දු අධිකාරි මහතාට හෝ ඇසෑම් මහ ඇමති හිමන්ත බිස්වා ෂර්මා මහතාට ජනාධිපතිවරයා මෙලෙස සුබ පැතුම් එක් නොකළේ මන්දැයි එම පක්ෂය මෙහිදී ප්‍රශ්න කර සිටී.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධික‍ාරී ශානි අබේසේකර නව තනතුරක්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධික‍ාරී ශානි අබේසේකර නව තනතුරක්

තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින සංස්කෘතික සබඳතාව මත හෝ විජේ මහතා සතු ජනප්‍රියත්වය මත මෙවැනි පියවරක් ගත්තේ නම්, එය මෙරට විදේශ ප්‍රතිපත්තියේ සහ රාජ්‍යතාන්ත්‍රික ගෞරවයේ පැහැදිලි පිරිහීමක් බව විපක්ෂයේ මතය වී තිබේ.