රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් එජාපයේ උත්සව කල් යයි
එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව විසින් සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් දැමීමට තීරණය කර ඇත.

"සර් අපේ චණ්ඩියා සර් ඉස්සරහා ඇඹරුණාලුනේ, මට ඒ දර්ශනය බලන්න ආසයි සර්" වලස් කටාට කෙහෙලබද්දර පද්මේ බලන්න ආසයිලු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බව පක්ෂයේ මහලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
කල් දමනු ලැබූ 79 වන සංවත්සර උත්සවය මේ මාසයේම වෙනත් දිනයක පවත්වන බව ද ඇය පවසා සිටියාය.
තීරණයට ප්‍රධාන හේතුව ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී තිබෙන වෛද්‍ය උපදෙස් සහ කළමනාකරණ කමිටු සාමාජිකයන්ගේ ඉල්ලීම බව වාර්තා වේ.