ජනාධිපති ලේකම් කාර්යාලයට ආ නාදුනන දුරකථන ඇමතුම ගැන විමර්ශන අරඹයි.

Presidential Secretariat of Sri Lanka President of Sri lanka
By Wayomi Sep 04, 2022 12:52 PM GMT
Wayomi

Wayomi

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසින් සොරා ගන්නා ලද බුදු පිළිමයක්,සහ පොත් පත් තොගයක් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයට දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම රහස් පොලිසියට බාර දී ඇති බවයි.

අදාළ ඇමතුම දුන් පුද්ගලයා පවසා ඇත්තේ, ජනාධිපතිවරයාගේ නිවස ගිනි තැබූ දින මෙම බුදු පිළිමය සහ පොත්පත් සොරාගත් බවයි.

එමෙන්ම සොරා ගන්නා ලද බුදු පිළිමය සහ පොත්පත් ළඟ තබා ගැනීම සිතට බියක් ගෙන දෙන කාරණයක් බැවින් නැවත ඒවා අයිතිකරුට ලබාදිය යුතු බව ජනාධිපති කාර්යාලයට දුරකථන ඇමතුම ගත් පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW