රනිල්ට චෝදනා කරන පිංගුත්තරයෝ මේ සාසනය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ, අනුර ජනපතිතුමා අම්මව බලන්න ගිය ඒවට තෙල් ගැහුවෙත් අපේ බදු මුදල්වලින් - සුමනධම්ම හිමි

Anura Kumara Dissanayaka Ranil Wickremesinghe Sri Lanka Politician Sinhala news Colombo politics heat up
By Kaushi Aug 25, 2025 01:34 PM GMT
Kaushi

Kaushi

Report

නව ජනතා පෙරමුණ පක්ෂ ප්‍රධාන අනුශාසක පූජ්‍ය වැල්ලම්පිටිය සුමනධම්ම නායක ස්වාමින් වහන්සේ හා බොරලැස්ගමුව ධර්මාජිකාශ්‍රපති පූජ්‍ය බෝලානේ ආනන්ද ස්වාමින් වහන්සේ ඇතුළු ගිහි පැවිදි පිරිසක් අත්අඩංගුවේ පසුවන රෝහල් ගතව ප්‍රතිකාර ලබන 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීම වෙනුවෙන් කොළඹ ජාතික රෝහල වෙත ගොස් ඇත.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ පූජ්‍ය වැල්ලමිපිටිය සුමනධම්ම නායක ස්වාමින් වහන්සේ,

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

"අද දින කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගිහිල්ලා අපේ රටේ 8 වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් බලලා එතුමට ආශිර්වාද කලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ අප රට දැවැන්තම ආර්ථික අර්බුදයකට මුහුණ දුන් වෙලාවේ රටේ විදුලිය නැතිව කන්න නැතුව බෙහෙත් නැතුව මිනිස්සු පාරවල් ගානේ දුක් විදිද්දි මෙරට බාර ගන්න කිසිම පෞරෂයක් ඇති නායකයෙක් සිටියේ නෑ. ගොඩක් නායකයෝ හැංගුනා. අද ඔය චන්ඩි පාට් දාන ලොකු කතන්දර කියන නායකයන්ට එදා කශේරුකාවක් තිබ්බේ නෑ මේ රට බාර අරගෙන මේ අර්බුදය කළමනාකරණය කරන්න. හැබැයි රනිල් ජනාධිපතිතුමා ඒ වැඩේ කලා. ඒ නිසා අපිට යුතුකමක් තියෙනවා රට දැවැන්ත ආර්ථික අර්බුදයකින් බේරගත්ත මේ නායකයා වෙනුවෙන් පෙනි සිටින්න. ඒ නිසා ගරුතර මහා සංඝරත්නය විදිහට අපි අද එතුමාට මේ ආශිර්වාද කරන්න ආවේ මේ එතුමාගේ පෞරෂත්වය පිළිබඳව තියෙන ප්‍රශ්නයක් නිසා තමයි මේ විදිහට එතුමාගෙන් පලිගන්නේ. දැන් එතුමා හදලා දුන්න ආර්ථිකය දිනෙන් දින පිරි හෙද්දි ,ජනතාවට ලබා දුන්න අසීමිත පොරොන්දු ඉටු නොවෙද්දි, අපිට මතකයි පුංචි කාර් දෙනාවා කිව්වා,වැඩිහිටියන්ට දීමනා දෙනවා කිව්වා ,රාජ්‍ය සේවයේ පඩි වැඩි කරනවා කිව්වා. අනේ අම්මේ මෙයාලා කියපු නැති කතානම් මේ හතර සීමාවෙන් හොයා ගතනොහැක.

හිටපු ජනපති රනිල් ගැන විශේෂඥ වෛද්‍යවරු විශේෂ සාකච්ඡාවක

හිටපු ජනපති රනිල් ගැන විශේෂඥ වෛද්‍යවරු විශේෂ සාකච්ඡාවක

මෙලෙස රනිල් මහත්තයා හදපු ආර්ථිකය වැටෙන නිසා අනුර කුමාර ජනාධිපතිතුමාට එතුමා එක්ක තරහක් තියෙනවා. අනුර කුමාර දිසානායක මහත්තයා මේ රටේ අධිකරණය යොදා ගෙන ,මේ රටේ පොලිසිය යොදා ගෙන අද ඉතාමත් ලැජ්ජා සහගත ලෙස දේශපාලන පළිගැනීම කරනවා. දැන් මේ පැමිණීල්ල ගොනු කලේ කවුද ? ප්‍රබ්‍රන්ධ ශුරී ශානි අබේසේකර . ජනාධිපතිවරයා උදෑසන අවදි වු වෙලාවේ සිට දවස පුරා සිදු කරන සියලු දේ ජනාධිපතිතුමාගේ රාජකාරි. ඒ සඳහා ආරක්ෂාව දෙන්න පහසුකම් දෙන්න රජයක් බැදි සිටිනවා. ඒ නිසා මේ බොරුචෝදනා කරලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා සිර කිරීම අපි පිලිකුලෙන් හෙලා දකිනවා. ඒ නිසා එතුමාට සාධාරණය සිදු වන තුරු ගරුතර සංඝරත්නය එතුමා සමග ඉන්න බව බොහොම අවධාරණයෙන් කියනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියන්නේ පරපුරක් තියෙන මනුස්සයෙක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පොඩි කාලේ සිටම දන් දෙන්න. පින් කරන්න කැමති මනුස්සයෙක්. එතුමා හා එම මැතිණිය ඔවුන් සිටින නිවස රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කරන්න තීරණය කරලා තියෙනවා. මේ රටේ මොන රාජ්‍ය නායකයා ද එහෙම කරන්නේ. ඒ නිසා ඉතිහාසයේ කොතනකවත් රාජ්‍ය දේපල අවභාවිතා කරපු කෙනෙක් නෙමේ. ඒ නිසා අද ඔය චෝදනා කරන පිංගුත්තරයෝ මේ සාසනය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ. දන් දීලා තියෙනවාද? පිනට දීලා තියෙනවාද? අනුන්ගේ ඇදුම් , සපත්තු, බෙල්ට් ඉල්ලලා අදින කට්ටියට අපි කියනවා, අද රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශයක් හරිහැටි පාලනය වෙන්නේ නෑ,බුද්ධ ශාසන අමාත්‍යවරයාට ශාසනය ගැන හැගීමක් නෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා නිසා තමයි 2022 රට වැටිච්චි වෙලාවේ පන්සල් වලට සෝලා පද්ධති සවි කරලා නැවත විදුලි අර්බුදයක් නොවන පරිදි කටයුතු කල ඉදිරිය පිළිබඳ හොද දැක්මක් තියෙන නායකයෙක්. එනිසා මේ ලෙස අභූත චෝදනා එල්ලකරමින් මෙවන් නායකයකුගෙන් පලි ගන්න එපා. එය ශාසනයෙන් කරන පලි ගැනීමක් ලෙස තමයි අපි දකින්නේ මේ නඩු තීන්දුවෙන් පසු රටේ කිසිම රාජ්‍ය නායකයෙක්වත් නිලධාරියෙක්වත් වැඩ කරන එකක් නෑ. මේ ඉස්පිරිතාලේ ඉන්න දොස්තර මහත්තයා තම දරුවා Ds සේනනායක විද්‍යාලයට හරි විශාඛා හරි සිරිමාවෝ එකට හරි බස්සන්න ගියොත් ඒ යන මීටර් 100 ගිහින් ආවත් ඒක රාජ්‍ය දේපළ අවභාවිතාවක්. ඒ නිසා කිසිම නිලධාරියෙක් වැඩ කරන්න බය වෙනවා. ඒ නිසා අනුර කුමාර ජනාධීපතිතුමාටත් නඩු පිට නඩු වැටෙන්න නියමිතයි.

උසස් පෙළ විභාගය ගැන මෙන්න විශේෂ නිවේදනයක්

උසස් පෙළ විභාගය ගැන මෙන්න විශේෂ නිවේදනයක්

අනුර ජනපතිතුමා තම මව බලන්න ගියේ හෙලිකෝප්ටරටෙයන්. ඒ වට තෙල් ගැහුවේ ඒවට මුදල් දුන්නේ අපේ බදු මුදල්. 70/71 ,88/89 මේ රටේ ට්‍රාන්ස්පෝමර් කියක් ගිනි තිබ්බද? බස් කීයක් ගිනි තිබ්බද? තේ කර්මාන්ත ශාලා කියක් ගිනි තිබ්බද? මේ රටේ පාරවල් කැඩු වද? බෝක්කු කීයක් පුපුරවා හැරිය ද ,ඒ සියල්ලම ද රාජ්‍ය දේපල අවභාවිතාවකි. පසුගිය අවරුදු 60 තුල මේ රට වට්ටන්න කටයුතු කලේ අනුර කුමාර දිසානායක ජනපතිතුමාම තමා. අනුර කුමාර 88/89 කාල වලදී තමන්ගේ T56/ ගල් කටස් එකෙන් අත් බෝම්බයෙන් කර ගන්න බැරුව වු දේවල් දැන් බලය අරගෙන පොලිසිය දාලා කර ගන්න හදන්නේ.. සමස්ත රාජජ්‍ය සේවකයින් ට කියන්නෙ තියෙන්නේ පරිස්සමෙන් වැඩ කරන්න ඔබලා අපහසුතාවට පත් කරමින් කීර්ති නාමයට හානි කරන්න තමයි ඔවුන් දැන් සුදානම් වෙන්නේ." යනුවෙන් සඳහන් කර ඇත.

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි

තැපෑල මෙච්චර වර්ජනය කරද්දි ආණ්ඩුව සත පහකට ගණන් නොගෙන ඉන්න හේතුව මේකයි