ගම්මානයක පොළොව යටින් මහ රෑට අමුතු අමුතු ශබ්ද ඇහෙන්න පටන් අරන් - හොඳටම බය උන ගම්මුන් ගැන වහාම ගත්ත පියවර.. පවුල් 50ක් විතර ඒ අතර..
Sri Lanka
By krishani
කොත්මලේ - වෑතලාව ප්‍රදේශයේ පොළව අභ්‍යන්තරයේ අසාමාන්‍ය ශබ්ද පවතින බව ගම්මුන් පවසයි.
ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 50 ක පමණ පිරිසක් රාත්‍රි කාලයට පමණක් ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ ඊයේ (15) දින සිට බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා සඳහන් කළේ ය.
මෙම ගම්මානය කඳු රහිත තැනිතලා බිමක පවතියි.
එහි නිරන්තරයෙන් පොළව අභ්‍යන්තරයේ විවිධ ශබ්ද ඇසෙන බවට ගම්මුන් කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බව ඒ මහතා පැවසීය.
මෙම තත්ත්වය බියවීමට හේතුවක් නොවන බවත් අද (16) නුවරඑළිය ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් යොදවා මේ පිළිබඳව පුර්ණ සොයා බැලීමක් සිදුකරන බවට ඒ මහතා සඳහන් කළේ ය.
