"ඇගේ අතීත කතාව මට වැඩක් නෑ..ඇගේ ආදරේ මහ පුදුම එකක්..ඒ ආදරේ ලබන්න පින් කරන්න ඕනා.." නිළි උමාලී ගැන සංවේදී වූ රසිකයින්..(PHOTOS)
සමාජ මාධ්‍ය තුළ හෝ නිර්මාණ තුළ හෝ නිතරම දකින්න නොලැබෙන නමුත් ප්‍රේක්ෂකයින්ගේ ආදරය උපරිමයෙන් දිනාගත්ත කෙනෙක් තමයි උමාලි තිලකරත්න කියන්නේ. ඇගේ වෙනස්ම විදිහේ රංගන හැකියාවන් නිසාම කෙටි කලකින් ඇය ප්‍රේක්ෂක ආදරය දිනාගත්තා.
ඒ වගේම මෑතක ඇය ඇගේ කෙටි චිත්‍රපට නිර්මාණයකින් ප්‍රේක්ෂකයින් හමුවට ආවා. ඇයට ආදරය කරන ගොඩක් අය ඇගේ “උමාලි තිලකරත්න ෆෑන්ස්“ සමූහයේ විවිධ ලිපි පළ කරනවා. මේ තියෙන්නෙ අපිට හමුවුණු ඒ විදිහේ ලිපියක්..
මා ඇයට ප්‍රේම කරමි ඊට හේතුවක්ද නොදනිමි ඇය කෙරෙයි මා සිතේ නොහොබිනා ආශාවක්ද නැත එහෙත් මා ඇයට බෙහෝ සේ ඇළුම් කරමි.. ඈ කෙරහි අනුකම්පාවක්ද නැත ඊට එයා ගිය ගෞරවයක් ඇත ඇගෙ අතීත කතාව මට වැඩක් නැත එහෙත් ඇය ඒ කතාවෙයි කල චරිතය මට ඉතා වැදගත්ය. ඇය ඒ තරම් සරලය ඒ තරම් නිහතමානීය ඒ තරම්ම ඉවසිලිවන්තය
ඒ තරම්ම ධෛර්යය සම්පන්නය ඒ තරම්ම අව්‍යාජ ය... මට නම් ඇය සුපිරි චරිතයකි.. ඇය ගැහැණියකි.. දරාගැනීමේ ශක්තිය ඇයට උපරිමෙන් ඇත... එබැවින් සඟවගන්නට බැරි කඳුළු ඇය අපූරුවට සඟවගනී.. තවත් දෙයක් ඇත.. ඇගෙ ආදරය.. එය මහා පුදුමයකි.. පිං ඇත්තෙකුට එය උරුම වෙයි.. ඇයව හිමි උනත් ඇයව අහිමි කරත්තානම් සැබැවින්ම ඔහු තරම් අනුවණයෙක් මේ ලොව තවත් නැත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |