ජනප්‍රිය නිලි උමාලි තිලකරත්නගෙ දෙවෙනි ගමනේ ආදරණීය හිමිකරු ගැන පලමු වරට මාධ්‍යට හෙළිකරයි (PHOTOS)

By Sithumi Dec 28, 2021 05:25 PM GMT
Sithumi

Sithumi

Report

උමාලි තිලකරත්න කියලා කියන්නේ අපේ රටේ විශාල රසික පිරිසකගේ ආදරය නොඅඩුව ලබන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. 

ඉතින් ඒ වගේම වේදිකාව පුංචි තිරය මෙන්ම රිදී තිරයත් එක ලෙස ජයගත් සම්මානනීය රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඇයගේ සරල ගති පැවතුම් නිසා වගේම නිහතමානීකම නිසාත් ඇයට බොහෝ දෙනෙක් ආදරය කරනවා. 

කොහොම නමුත් සාරංග දිසාසේකරගේ සහ ඇයගේ විවාහය දෙදරා ගොස් වසර පහකට පස්සේ ඔන්න දැන් ඇයගේ ජීවිතයට මංගල සීනු හැඩවිලා. ඉතින් ඒ වගේම ඇයගේ ආදරණීය දෙමව්පියන්ගේ හිතේ තිබුන ලොකු බරක් නිදහස් කරමින් එලබෙන වසරේදී ඇය නැවත වතාවක් යුග දිවියට එළබෙන බවයි සමීපතම ආරංචි මාර්ග මඟින් අපට දැනගන්න ලැබුනේ.

ඉතින් ඒ වගේම ඇයගේ අත ගන්න ඉන්න වාසනාවන්ත හිමිකාරයා ගැන කිවුවොත් ඔහු උමාලිගේ පවුලේ සමීපතම සාමාජිකයෙක් බවයි අපට දැනගන්න ලැබුනේ. 

ඉතින් ඒ වගේම කාලයක් තිස්සේ උමාලි මානසිකව වැටුණු අවස්ථාවන් වලදී ඇයගේ හිත හදන්න ඉදිරිපත් වෙලා තියෙන්නෙත් ඔහු කියලා තමයි පවසන්නේ. කොහොම නමුත් මනෝවිද්‍යා මහාචාර්යවරයෙකු වන උමාලිගේ අත ගන්න ඉන්න සහකාරයා ඇයවත් මනෝවිද්‍යා අංශයෙන් ඉදිරියට යවන්නට බලාපොරොත්තු වෙන බවත් වාර්තා වෙනවා. 

ඉතින් ඒ නිසා උමාලි ඇයගේ පවුල් ජීවිතයට මුල් තැන දෙමින් ඉදිරියේදී රංගන ජීවිතයට සමු දෙන්නට බොහෝ දුරට ඉඩ ඇති බවත් සමීපතම ආරංචි මාර්ග මඟින් අපට දැනගන්නට ලැබුණා. 

ඉතින් මේ ජනප්‍රිය නිලි උමාලි තිලකරත්නගේ අලුතෙන් පටන් ගන්න යන පවුල් ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් ඇයගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලමත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

GalleryGallery
ReeCha