යුක්රේනයත් යුද්දෙට එක්වෙයි - ජනපති සෙලෙන්ස්කිගෙන් නිවේදනයක්
යුක්රේන ජනාධිපති ව්ලදිමියර් සෙලෙන්ස්කි පවසන්නේ මැදපෙරදිග කලාපයේ සිවිල් වැසියන්ට සහ එහි ස්ථානගත කර ඇති ඇමරිකානු හමුදා භටයින්ට සහාය ලබා දීම සඳහා සිය විශේෂඥයින් කණ්ඩායම් යොමු කිරීමට යුක්‍රේනය සැලසුම් කර ඇති බවයි.
මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සිවිල් වැසියන්ට සහ ඇමරිකානු හමුදාවන්ට උපකාර කිරීම පිළිබඳව තමන් වෙත පණිවිඩ කිහිපයක් ලැබී ඇති බව සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.
"ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම සහයක් ලබා දීමට සහ අපගේ විශේෂඥයින් යොමු කිරීමට අප එකඟ වුණා," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. ඉකුත් සතිය පුරාම ඇමරිකානු පාර්ශ්වයන් විසින් ඉරානය නිපදවන අවි ආයුධ සම්බන්ධයෙන් ඇති අභියෝගවලට මුහුණ දීම සඳහා යුක්‍රේනයේ උපදෙස් ලබාගෙන ඇති බව ද ජනාධිපතිවරයා පවසයි.