න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක්..

United Russia Russo-Ukrainian War Ukraine
By krishani Aug 12, 2022 05:24 AM GMT
krishani

krishani

Report

යුක්‍රේනයේ Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇත.

ඊයේ(11) උදෑසන ද Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක් එල්ල වූ අතර  පස්වරුව වන විට තවත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරය එල්ල කිරිම සම්බන්ධයෙන් යුක්‍රේනය රුසියාව වෙත දැඩි විරෝධය එල්ල කර තිබෙන අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමේ දී ද අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

මෙලෙස Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාර එල්ලවීම ඉතා අවදානම් තත්වයක් බව එහි න්‍යෂ්ටික නිරීක්ෂක ප්‍රධානී වන රෆායෙල් ග්‍රෝසි ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.