යුක්රේන ජනාධිපති රිය අනතුරකින් තුවාල ලබයි

By Sewvandhi Sep 15, 2022 07:42 AM GMT
Report

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී රිය අනතුරකින් තුවාල ලැබුවේය. යුක්රේන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයාගේ තත්ත්වය බරපතල නොවන බවය.

ජනාධිපති සෙලන්ස්කී ඔහුගේ ආරක්ෂක නිලධාරීන් ද පිරිවරා ගනිමින්, රිය පෙරහැරකින්, කීව් අගනුවර පසු කර යමින් සිටිද්දී, වේගයෙන් ආ මෝටර් රථයක් ජනාධිපතිවරයා සිටි මෝටර් රථයේ ගැටී ඇත.

එම මෝටර් රථය පැදැවූ තැනැත්තාට තුවාල සිදුවුණු බවත්, ඔහුට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සිදුවුණු බවත් පැවැසෙයි. විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ජනාධිපති සෙලෙන්කී පරීක්ෂාවට ලක් කරමින්, ඔහුගේ තුවාල බරපතල නොවන බව තහවුරු කළ බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක සර්ගී නිකිෆරෝව් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW