ලෝක බලවතාගේ කොඳු නාරටියටම දරුණු ප්‍රහාරයක් - යුක්රේනයෙන් රුසියාවේ ප්‍රධාන තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර
යුක්රේනය විසින් රුසියාවේ බලශක්ති ක්ෂේත්‍රය ඉලක්ක කරගනිමින් යුද පෙරමුණේ සිට බොහෝ දුර බැහැර ප්‍රදේශ වෙත එල්ල කරන ලද නවතම දිගුදුර ප්‍රහාර මාලාවක වගකීම බාරගෙන ඇත.
රුසියාවේ ක්‍රස්නෝඩර් කලාපයේ පිහිටි පොල්ටාව්ස්කා තෙල් ගබඩාව සහ උෆා නගරයේ පිහිටි ප්‍රධාන තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් මෙම ප්‍රහාරයන්ට ලක්ව ඇත. මෙහිදී ප්‍රහාරයට ලක්වූ උෆා නගරයේ පිහිටි 'බාෂ්නෙෆ්ට් උෆානෙෆ්ටෙකිම්' සහ 'බාෂ්නෙෆ්ට් නොවොයිල්' යන පිරිපහදු මධ්‍යස්ථාන වත්මන් යුද පෙරමුණේ සිට කිලෝමීටර් 1,500ක් පමණ ඈතින් පිහිටා ඇත.
මෙමඟින් රුසියානු භූමිය තුළ අභ්‍යන්තරයටම ප්‍රහාර එල්ල කිරීමට කිවි පාලනය සතු වර්ධනය වෙමින් පවතින සන්නද්ධ හැකියාව මනාව පෙන්නුම් කෙරෙන බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති.
පසුව මෙම ප්‍රහාරයන් තහවුරු කළ යුක්රේන ජනාධිපති ව්ලොඩිමීර් සෙලෙන්ස්කි මහතා ප්‍රකාශ කළේ, මෙය රුසියාව වෙත "දිගුදුර සම්බාධක" පැනවීම සඳහා යුක්රේනය ක්‍රියාවට නංවන උපායමාර්ගයේම කොටසක් බවයි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාර සම්බන්ධයෙන් මොස්කව් පාලනය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති