බ්‍රිතාන්‍ය අගමැති හා සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු අතර දුරකථන සංවාදයක් - සෞදි අරාබියේ උදව්වට බ්‍රිතාන්‍යය
අරාබි රටවලට එල්ල වූ ප්‍රහාරවලට සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සමඟ දුරකථන සංවාදයක් පැවැත්වූ බව වාර්තා වේ.
එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ,අවශ්‍යනම් සෞදි අරාබි රාජධානියේ ආරක්ෂාව සඳහා එක්සත් රාජධානිය සූදානම්ව සිටින බවයි.
තවද, ආරක්ෂක මෙහෙයුම් සඳහා සහාය සැපයීම සහ සිවිල් ජනතාව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම සදහා නායකයින් අතර වැඩිදුර සාකච්ඡා සිදු වූ බව බී.බී.සී. මාධ්‍ය වාර්තා කරයි.