ආයේ කාවවත් මෙහෙම රවට්ටන්න බෑ - ලිංගික අපයෝජන, පුද්ගල මාරු වෙස් ගැනීම් හොයන්න විශේෂ පද්ධතියක්

Report

අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන ව්‍යාජ 'ඩීප්ෆේක්' (Deepfake) අන්තර්ගතයන් හඳුනාගැනීමට විශේෂ පද්ධතියක් සකස් කිරීමට බ්‍රිතාන්‍ය රජය සහ මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම එක්ව කටයුතු කරන බවට බ්‍රිතාන්‍ය රජය නිවේදනය කර ඇත.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කරන ලද හානිකර සහ නොමඟ යවන සුළු දර්ශන පාලනය කිරීමේ ප්‍රමිති සැකසීමයි.

එමෙන්ම රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2023 වසරේදී 500,000ක් වශයෙන් පැවති ඩීප්ෆේක් අන්තර්ගතයන් ප්‍රමාණය 2025 වසර වන විට මිලියන 8ක් දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

අපරාධකරුවන් විසින් මහජනයා මුලා කිරීමට, කාන්තාවන් සහ ගැහැණු ළමයින් අපයෝජනයට ලක් කිරීමට මෙන්ම තොරතුරු පිළිබඳ විශ්වාසය පළුදු කිරීමට මෙම තාක්ෂණය 'අයුධයක්' වශයෙන් භාවිතා කරන බව බ්‍රිතාන්‍ය තාක්ෂණ අමාත්‍ය ලිස් කෙන්ඩල් (Liz Kendall) ප්‍රකාශ කරයි.

එබැවින් මයික්‍රොසොෆ්ට් සමාගම, විද්වතුන් සහ විශේෂඥයින්ගේ සහය ඇතිව ඩීප්ෆේක් හඳුනාගැනීමේ ඇගයීම් රාමුවක් සකස් ක‍රන බව වාර්තා වේ.

ඒ ඔස්සේ ලිංගික අපයෝජන, වංචා සහ පුද්ගල මාරු වෙස් ගැනීම් වැනි තර්ජන හඳුනාගැනීමේ හැකියාව පරීක්ෂාවට ලක් කෙරෙන බව සඳහන්.

රාජ්‍ය සේවයේ ඉන්න මේ අයට විශේෂ දැනුම්දීමක් - අද සිට 19 දක්වා

රාජ්‍ය සේවයේ ඉන්න මේ අයට විශේෂ දැනුම්දීමක් - අද සිට 19 දක්වා

ඉතිහාසයේ ‘හොඳම ජනවාරිය මේ අවුරුද්දේ.. මෙන්න හේතුව

ඉතිහාසයේ ‘හොඳම ජනවාරිය මේ අවුරුද්දේ.. මෙන්න හේතුව