උදය ගම්මන්පිලගෙන් උදේම අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Report

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (29) දින පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත.

අඳාළ පැමිණිල්ල ගොනු කර ඇත්තේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ලබා ගන්නා ලද මාසික වැටුප පක්ෂ අරමුදලට යොමු කිරීමෙන් දේශපාලන කටයුතු සිදු කිරීම සම්බන්ධව බව සඳහන්.

අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කිරීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දෙන මාසික දීමනාව තමන්ට අවැසි ආකාරයට වියදම් කළ නොහැකි බවයි.

පද්මෙගෙ කටින් තවත් 35දෙනෙක් ගැන හෙළි වේ 35නාටම රතු නිවේදන

පද්මෙගෙ කටින් තවත් 35දෙනෙක් ගැන හෙළි වේ 35නාටම රතු නිවේදන

එබැවින් මාසිකව කෝටි 3කට වඩා වැඩි මුදලක් ආණ්ඩුවේ මන්ත්‍රීවරු 159 දෙනා මඟින් ලබා ගනිමින් එය පක්ෂ අරමුදල වෙත බැර කර දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම මහජන මුදල් අවභාවිත කිරීමක් වන බවත් ඒ අනුව මේ පිළිබඳව විමර්ශනය කරන මෙන් ඉල්ලා තමන් අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කළ බවත් ඔහු කියා ඇත.

මෙම අවස්ථාවේදී උදය ගම්මන්පිල මහතා විසින් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ,

"මේ මුදල් දුරකතන බිල් ගෙවන්න, ඉන්ධන, සහ කාර්යාල නඩත්තු කරන්න යොදන මුදල් පක්ෂ අරමුදලට යවලා දේශපාලන කටයුතුවලට යොදා ගැනීම මහජන මුදල් අවභාවිතා කිරීමක්. මාසෙකට කෝටි 3කට වඩා වැඩි මුදලක් සියලුම මන්ත්‍රීවරු 159 දෙනාගෙත් ජනාධිපතිවරයා ඇතුළු 160 දෙනාගේත් මහජන මුදල් අවභාවිතා කිරීමේ දූෂණය සිද්ධ කරලා තියෙනවා. ඒ නිසා මේ 160 දෙනාටම නීතිය ක්‍රියාත්මක කරන්න කියලායි අපි අද අල්ලස් කොමිසමට ආවේ." යනුවෙන්.

සුළු මොහොතකට පෙර ප්‍රබල හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර ප්‍රබල හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

LGBTIQ ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට නාමල්ගෙන් දැඩි විරෝධයක්

LGBTIQ ප්‍රජාව ඉලක්ක කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට නාමල්ගෙන් දැඩි විරෝධයක්