"ජනපති අනුර තමයි නූතන ගජබින්නාලංකාරය ඔබතුමාගේ මට්ටමින් අපිව මනින්න එන්නෙපා" - උදය ගම්මන්පිල

Anura Kumara Dissanayaka Sri Lanka Politician Udaya Gammanpila Latest Headlines Sinhala news
By Ashfa Aug 13, 2025 01:51 AM GMT
Ashfa

Ashfa

Report

පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් මාධ්‍ය හමුවේ දී මෙසේ පැවසුවේය.

පසුගිය 7 වන දා ජාතිය අමතන්න පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිතුමා ජාතිය ඇමතීම පැත්තක තියලා මාව අමතනවා අපි දැක්කා. ඒ කතාව පුරාම සම්පූර්ණ නමක් කිව්වා නම් කිව්වේ මගේ නම විතරයි. මගේ නම කියන අතරේ “ආණ්ඩුව පෙරලන කුමන්ත්‍රණයක් තිබෙනවා.

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

ශ්‍රී ලංකා යුධ හමුදාවට විරුද්ධව උතුරේ හර්තාල් - හේතුව අහලා බයත් හිතුනා

රාජ්‍යයේ ඇතුලේ ඉඳගෙන රාජ්‍යයේ පිට ඉඳගෙන නිලධාරින්, පාර්ලිමේන්තුව ඇතුලේ ඉඳගෙන පාර්ලිමේන්තුවේ පිට ඉඳගෙන දේශපාලකයින් රාජ්‍යයට එරෙහිව කුමන්ත්‍රණ කරනවා නම් ඒ කුමන්ත්‍රණය පරාජය කරන්න පියවර ගන්නවා” කියලා කිව්වා.

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ඔන්න මේක නැත්නම් ආයේ O/L කරපු පාසලේම A/L කරන්නත් බෑලු - වෙන පාසලක් හොයාගන්න වෙයි

ජනාධිපතිතුමාගේ කතාව අසාගෙන සිටි ඕනෑම කෙනෙකුට දැනෙන්නේ එතුමා දැඩි පීඩනයකින් දැඩි ආතතයකින් දැඩි අනාරක්ෂිත බවකින් ඉන්නවා කියලා. ජනාධිපතිතුමාගේ කතාව සම කළ හැක්කේ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාව ඝාතනය කළාට පසු ප්‍රේමදාස ජනාධිපතිතුමා කළ කතාවට විතරයි.

අම්මෝ ආයෙනම් දේශබන්දු වගේ පොලිස්පතිලා එපා - අලුත් පොලිස්පතිව චෙක් කරන්න වාර්තා ඉල්ලලා

අම්මෝ ආයෙනම් දේශබන්දු වගේ පොලිස්පතිලා එපා - අලුත් පොලිස්පතිව චෙක් කරන්න වාර්තා ඉල්ලලා

ජනාධිපතිතුමනි, ඔබතුමා ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණය කියන්නේ ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙන එක නම් ඔබතුමා ද ඇතුළුව ආණ්ඩුවේ නායකයින් කියන පච කතා පච බවට ඔප්පු කරන එක නම් ඇමතිවරුන්ගේ දූෂිත ගනුදෙනු හෙලිදරව් කරන එක නම්, ඔව්, ගම්මන්පිල ඒ කුමන්ත්‍රණයේ පිටිපස්සේ හැංගිලා නොවේ එලිපිට ඉදිරියෙන්ම ඉන්නවා.

"මහින්ද රාජපක්ෂ අනතුරේ - මාලිමා ආණ්ඩුව මහින්දගෙන් පලි ගන්නවා ඔහොම බාල තීන්දු ගන්න එපා" - නන්දන ගුණතිලක

"මහින්ද රාජපක්ෂ අනතුරේ - මාලිමා ආණ්ඩුව මහින්දගෙන් පලි ගන්නවා ඔහොම බාල තීන්දු ගන්න එපා" - නන්දන ගුණතිලක

ඔබතුමාලා විපක්ෂයේ ඉන්න කාලයේ නම් ආණ්ඩු පෙරලන රට අස්ථාවර කරන කුමන්ත්‍රණ ගණනාවක් කලා. 1971 දී 1987 දී 2006 දී වගේම 2022 දී කලේ ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණ. ඒ විතරක් නොවේ. 2006 අග දී මහින්ද ජනාධිපතිතුමා කොටින්ට එරෙහිව යුද්ධය පටන් ගත්තාම ඒක කඩාකප්පල් කරන්න අයවැය පරදා ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණය කලේත් ඔබතුමාලා.

ගෝඨාභය ජනාධිපතිතුමා කෝවිඩ් මර්දනය කරන්න වෑයම් කරන විට ලෝකය පුරාම විපක්ෂ ඒ වෑයමට තමන්ගේ ආණ්ඩු වලට උදව් කරන විට වැඩවර්ජන උද්ඝෝෂණ කැඳවමින් රට වට්ටන්න හැදුවේ ඔබතුමන්ලා. ආර්ථික අර්බූදය විසඳන්න ආණ්ඩුව දැඩි ආයාසයකින් කටයුතු කරමින් සිටින විට ලංකාවට ඩොලර් එවන්න එපා කියලා රට වට්ටන්න හැදුවේ ඔබතුමන්ලා.

ඒ නිසා ආණ්ඩු පෙරලන්න හදනවා, රට වට්ටන්න හදනවා කියන චෝදනා අපට නගලා ඔබතුමාගේ මට්ටමින් අපිව මනින්න එපා කියලා ඉතාම ගෞරවයෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඔබතුමා පාර්ලිමේන්තු කතාවේත් ලොකු පචයක් අත හැරියා. ඔබතුමා කියනවා “උදය ගම්මන්පිල ප්‍රකාශයක් කරලා තිබෙනවා ආණ්ඩුව විසින් තමයි හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගත්තේ කියලා. නමුත් ඔහුව අත්අඩංගුවට ගත්තේ අධිකරණ නියෝගයක් නිසා” කියලා. ඒක පචයක් ජනාධිපතිතුමනි.

අධිකරණයෙන් නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගන්න කියා නියෝගයක් දුන්නේ නෑ. රහස් පොලිසිය බී 8016/2019 යටතේපොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තා වල 2010 ජූලි 25 දින සිට 2011 මාර්තු 30 දක්වා කාල සීමාව තුල නාවික හමුදාපති ලෙස, නාවික බුද්ධි අධ්‍යක්ෂවරු ලෙස සහ නැගෙනහිර බුද්ධි අංශ ප්‍රධානි ලෙස කටයුතු කළ අයගෙන් ප්‍රකාශ ලබා ගන්න අවශ්‍යයි කියලා අධිකරණයට දැනුම් දී තිබෙනවා. මේ අයව පොලිසියට ගෙන්වන්නේ ප්‍රකාශ ලබා ගන්න කියලා.

ඊට පස්සේ අත්අඩංගුවට අරගෙන මිනීමැරුම් චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කලේ ඇප ලබා දෙන්න බැරි වෙන්න. ඒ නිසා ආණ්ඩුව විසින් නාවික හමුදාපතිව බොරු චෝදනා මත අත්අඩංගුවට අරගෙන ඒක අධිකරණය පිට පටවන්න එපා කියලා අපි ජනාධිපතිතුමාට කියනවා. පොලිසියේ මහත්වරු බොරු ගොතලා අධිකරණයට ඉදිරිපත් කලා විතරක් නොවේ, ඔබතුමාටත් බොරු කියලා නොමග යවලා තිබෙනවා. ඒකනේ නාවික හමුදාපතිතුමා අත්අඩංගුවට ගත්තේ අධිකරණ නියෝගයකින් කියලා ඔබතුමා කියන්නේ.

පොලිසියේ ලොකු පුටුවල ඉන්නා අය මැතිවරණයට කලින් හිටියේ මාලිමා වේදිකාවේ. ඔබතුමාලා රැස්වීම් ගානේ බොරු කියනවා අසාගෙන ඉඳලා දැන් ඒ අයත් බොරු කියනවා වෙනුවට බොරු ලියන්න පටන් අරන්.

ඒ නිසා තමයි පච වැලවල් ලියලා අධිකරණයට ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඔබ කියන්නේ බොරු නම් පාර්ලිමේන්තුවේ කිව්වාට කමක් නෑ. ඒත් ඔබ කියන්නේ ඇත්ත නම් පාර්ලිමේන්තුවේ කියන්නේ නැතිව පොලිසියට පැමිණිලි කරන්න කියලා ඔබතුමා විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට අවවාදයක් දුන්නා. ඒ අනුව ඔබතුමා වසර 24ක් පුරා පාර්ලිමේන්තුවේ කිව්වේ බොරු කියලා පිලිගැනීම ගැන අපට සතුටුයි.

වසර 24ක් පුරා ඔබතුමා පාර්ලිමේන්තුවේ කළ කතා එකතු කරලා “නූතන ගජබින්නාලංකාරය” කියලා ඔබතුමාට පොතක් නිකුත් කරන්න පුළුවන්. මට ඔබතුමාටත් කියන්නේ තිබෙන්නේ ඔබතුමා විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට දුන් අවවාදයමයි.

මම කිව්වේ බොරු නම් පාර්ලිමේන්තුවේ කියන්නේ නැතිව පොලිසියට පැමිණිලි කරන්න. ඔබතුමා මට උත්තර දුන්නේ අවම වශයෙන් මගේ කතාව අහන්නෙත් නැතිව. ඒ කතාව ඇහුව්වා නම් ඔබතුමා තිත්ත ඇත්ත තේරුම් ගනීවි. නාවික හමුදාපතිට එරෙහිව සීඅයිඩිය බොරු චෝදනා ගෙතුවේ කොහොමද කියන එක මම සාක්ෂි සහිතව ඒ කතාවේ ඉදිරිපත් කලා.