හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය පිළිබඳව විශේෂ දැනුම්දීමක්

Report

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ සුවිශේෂී උත්සවයක් වන හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය සාම්ප්‍රදායිකව මහනුවර, ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ඓතිහාසික නාථ දේවාලයේදී පැවැත්වීමට සූදානම් කර තිබේ.

මෙම ජාතික උත්සවය, මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් හා අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්, නියමිත සුබ නැකතට අනුව පැවැත්වීමට අවශ්‍ය පූර්ව සංවිධාන කටයුතු අද (13) මහනුවර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් මඟින් සකස් කරන ලදී.

සියල්ල උඩු යටිකුරු වෙයි - යුධ ගිනි මැද ගෑස් අපනයනය සම්පූර්ණයෙන්ම නවත්වයි

සියල්ල උඩු යටිකුරු වෙයි - යුධ ගිනි මැද ගෑස් අපනයනය සම්පූර්ණයෙන්ම නවත්වයි

මෙම සාකච්ඡාවේදී ආරාධනා පත්‍ර සැකසීම සහ බෙදාහැරීම, නානු සැකසීම, පුවත්පත් අතිරේක සකස් කිරීම, සජීවී ප්‍රචාරණ කටයුතු, ආරක්ෂාව, සනීපාරක්ෂාව, අවුරුදු ලිත සැකසීම, පරිශ්‍ර කටයුතු, ජල හා විදුලි සැපයුම, හස්තීන් සම්බන්ධීකරණය, ගිලන් රථ අවශ්‍යතාව, ප්‍රථමාධාර, ගිලන්පස, උදෑසන දානය, සංග්‍රහ කටයුතු සහ පෙරහැර පැවැත්වීම ඇතුළු සංවිධාන කටයුතු රැසක් සලකා බැලී සාකච්ඡා කරන ලදි.

යුද්ධය එන්න එන්න දරුණු වේ - සතුරු ඉලක්ක 15,000කට ඇමරිකාවෙන් ප්‍රහාර

යුද්ධය එන්න එන්න දරුණු වේ - සතුරු ඉලක්ක 15,000කට ඇමරිකාවෙන් ප්‍රහාර

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය කිසිදු අඩුපාඩුවක් නොමැතිව, නිසි ගෞරවය සහ වටිනාකම සමග උත්සවයට නිරත වන පරිදි සැලසුම් කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ බවයි.