මැණික් ගන්නවායැ‍යි ඇවිත් දියරයක් ඉහලා අතේ තිබ්බ මැණික් ටික උස්සලා

Report

මහනුවර ඊ.එල්. සේනානායක පාරේ පිහිටි මැණික් අලෙවිසැලකට අද (13) දහවල් පැමිණි පුද්ගලයෙකු එහි තිබූ (Ruby)මැණික් පෙට්ටියක් කොල්ලකා පලාගොස් ඇත.

සැකකරු විසින් අලෙවිසැලේ පුද්ගලයාගේ මුහුණට යම් දියරයක් ඉසීමෙන් පසු මෙම කොල්ලය සිදුකර තිබුණි.

 මෙම ස්ථානය මැණික් අලෙවි කිරීම, පරීක්ෂා කිරීම සහ මැණික් සහතික කිරීමේ කටයුතු සිදුකරගෙන ගිය ස්ථානයක් බව පොලිසිය සඳහන් කරයි .

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමියන්ට ආරාධනා

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවයට අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමියන්ට ආරාධනා

මැණික් මිලදී ගැනීමට යැයි පවසා සැකකරු වෙළෙඳසැලට ඇතුළුවී ඇත. ඉන් පසුව පසුව වෙළෙඳසැලේ සිටි පුද්ගලයාගේ මුහුණට යම් දියරයක් ඉසීමෙන් පසු ඔහු අත තිබූ මැණික් පෙට්ටිය කොල්ලකා තිබේ.

එහි වටිනාකම රුපියල් මිලියන 6ක් පමණ වෙන බවද වාර්තා වේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මහනුවර පොලිසිනයේ අපරාධ විමර්ශන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි .

හෙද සේවයටනම් සුබයි වගේ - නවක හෙද සිසුන් බඳවා ගැනීම් ඉහළට

හෙද සේවයටනම් සුබයි වගේ - නවක හෙද සිසුන් බඳවා ගැනීම් ඉහළට