ඉරාකයට කඩා වැටුණු ඇමරිකානු ගුවන් යානයේ සිටි හය දෙනාම මරුට - ත්‍රස්ත ප්‍රහාරයක් ද නැද්ද යන්න හෙළි වේ
බටහිර ඉරාකයේදී සිදු වූ අනතුරකින් ඇමරිකානු ගුවන් හමුදාවට අයත් KC-135 වර්ගයේ ඉන්ධන නැවත පිරවීමේ ගුවන් යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනාම ජීවිතක්ෂයට පත්වී ඇති බව ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) නිල වශයෙන් තහවුරු කර තිබේ.
අද (13) උදෑසන වාර්තා වූ විට සිව් දෙනෙකු මියගොස් ඇති බවත්, අතුරුදන් වූ අනෙක් දෙදෙනා සෙවීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක වන බවත් සඳහන් වූ අතර, පසුව අතුරුදන්ව සිටි දෙදෙනා ද මියගොස් ඇති බව තහවුරු කර ඇත.
CENTCOM විසින් X සමාජ මාධ්‍ය ජාලය හරහා නිකුත් කළ නිවේදනයේ සඳහන් කළේ, මෙම අනතුර සතුරු ප්‍රහාරයක් හෝ මිත්‍ර හමුදාවන්ගේ ප්‍රහාරයක් නිසා සිදු නොවූ බවයි.
මෙම අනතුර සිදු වූ සත්‍ය තත්ත්වය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බවද නිවේදනයේ දැක්වෙයි.