විදෙස්ගත රටවිරුවන්ට රජයෙන් සුබ පණිවිඩයක්

Report

මෙම වසරේ මුල් මාස දෙක තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල සුභ සාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ කටයුතු කිහිපයක් සිදු කර ඇති බව වාර්තා වේ.

කාර්යාංශය සඳහන් කළේ, මෙහිදී ප්‍රතිලාභීන් 5,938 දෙනෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 962ක මුදලක් වැය කර ඇති බවයි.

විදේශ රැකියා සඳහා පිටත්ව යාමට පෙර ලියාපදිංචි වන ශ්‍රමිකයින්ට නොමිලේ රක්ෂණාවරණයක් හිමිවන අතර, එම යටතේ මේ වසරේදී 116 දෙනෙකුට රුපියල් මිලියන 39.76 ක් වටිනා ප්‍රතිලාභ ලබා දී ඇත.

සියල්ල උඩු යටිකුරු වෙයි - යුධ ගිනි මැද ගෑස් අපනයනය සම්පූර්ණයෙන්ම නවත්වයි

සියල්ල උඩු යටිකුරු වෙයි - යුධ ගිනි මැද ගෑස් අපනයනය සම්පූර්ණයෙන්ම නවත්වයි

එමෙන්ම, විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් සඳහා පාසල් උපකරණ සැපයීමේ වැඩසටහනක්ද කාර්යාංශය ක්‍රියාත්මක කරනු ලබන අතර, මේ මාස දෙකේදී දරුවන් 5,775 දෙනෙකුට රුපියල් මිලියන 55.63 ක් වටිනා පාසල් උපකරණ ප්‍රදානය කර ඇත.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 34 දෙනෙකුට රුපියල් 660,000ක ආධාර, සහ විගමණික ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 14 දෙනෙකුගේ වෛද්‍ය සහාය සඳහා රුපියල් 248,000ක මුදලක්ද ලබා දී ඇත.

ඉරාකයට කඩා වැටුණු ඇමරිකානු ගුවන් යානයේ සිටි හය දෙනාම මරුට - ත්‍රස්ත ප්‍රහාරයක් ද නැද්ද යන්න හෙළි වේ

ඉරාකයට කඩා වැටුණු ඇමරිකානු ගුවන් යානයේ සිටි හය දෙනාම මරුට - ත්‍රස්ත ප්‍රහාරයක් ද නැද්ද යන්න හෙළි වේ

කාර්යාංශය පැවසුවේ, රටට වැඩිම විදෙස් විනිමය ලබා දෙන විගමණික ශ්‍රමිකයින්ගේ සුභ සාධනය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත්, විදේශ ගත ශ්‍රමිකයෙකුගේ මරණයක් සිදු වූ විට ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදෙන වන්දි මුදල් ප්‍රමාණයද ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත් ය.