අත්අඩංගුවට ගත් භූමිතෙල් ලීටර් 4,000 යළි මුදා හරී

Report

පසුගිය දිනෙක, කිතුල්ගල ප්‍රදේශයේදී අනාරක්ෂිත ලෙස භූමිතෙල් ප්‍රවාහනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් පොලිසිය විසින් ලොරි රථයක්, එහි රියදුරා සහ රිය සහයකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම රියදුරා සහ සහකරු එදිනම පොලිස් ඇප මත මුදා හැර ඇත.

මෙම භූමිතෙල් තොගය ලීටර් 4,000ක් පමණ වන අතර, රජයේ බලපත්‍රලාභී තාර නිෂ්පාදනය කරන ආයතනයකට අයත් බව සඳහන්.

සියලුම විදුලි සේවකයන්ට ජනපතිගෙන් සුබ පණිවිඩයක් - කරන්න යන දේ මෙන්න

සියලුම විදුලි සේවකයන්ට ජනපතිගෙන් සුබ පණිවිඩයක් - කරන්න යන දේ මෙන්න

එම ආයතනයට 'කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානය – සබරගමුව' විසින් නිකුත් කර ඇති නිර්දේශ ලිපියක් තිබී ඇත.

මෙම ලේඛන සහ කරුණු සලකා බැලූ රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (12) දින, ලීටර් 4,000ක භූමිතෙල් තොගය ආයතනයට නැවත මුදාහැරීමට නියෝග කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුළුවීමක්? - විශේෂ හෙළිදරව්වක්

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුළුවීමක්? - විශේෂ හෙළිදරව්වක්

අධිකරණය සඳහන් කළේ, පොලිසිය ඉදිරිපත් කළ ‘අනාරක්ෂිත ප්‍රවාහනය’ චෝදනාව සම්බන්ධයෙන් ආයතනය නිවැරදිකරුවන් බවයි. ඒ අනුව, අදාල තොගය ආයතනයට නැවත ලැබී ඇත.