ඩුබායි කණ්ඩායම රජතලාවෙන් සිරුරු 8ක් හොයාගෙන
දිට්‍වා සුළි කුණාටුව සහ නායයෑම් හේතුවෙන් මෙරටට බලපෑ ගංවතුර තත්ත්වයට ප්‍රතිචාර වශයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) විසින් යොදවා ඇති සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායම විසින් රජතලාවේ ප්‍රදේශයේ අද (06) සිදුකළ සෝදිසි මෙහෙයුම් අතරතුරදී දේහයන් 08ක් සොයා ගැනීමට සමත්ව ඇත.
මීට අමතරව, කණ්ඩායමේ වෛද්‍ය හා ගිලන් රථ ඒකකය විසින් සිද්ධිය වූ ස්ථානයේදී තුවාල ලැබූ පුද්ගලයන් 08 දෙනෙකුට ප්‍රථමාධාර ලබා දී තිබේ. ඒ අනුව, මෙලෙස මෙහෙයුම් ආරම්භයේ සිට මේ දක්වා UAE කණ්ඩායම විසින් සොයා ගනු ලැබූ මුළු සිරුරු සංඛ්‍යාව 18ක් වාර්තා වේ.