ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපලේ ගුවන් ගමන් අවලංගු කිරීම්, ප්‍රමාද කිරීම් සහ වෙනත් ගුවන් තොටුපල වෙත හරවා යැවීම් සිදු වෙමින් පවතියි.
ඒ හේතුවෙන් බ්‍රිතාන්‍යය පුරා ගුවන් යානා දෙදහසක් පමණ අවලංගු වී තිබෙනවා.
ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟයක් හේතුවෙන් ගුවන් ගමන් 22 ක් අවලංගු කර ඇති අතර තවත් යානා සිය ගණනක් ප්‍රමාද වී තවත් යානා වෙනත් ගුවන් තොටුපල වෙත හරවා යැවීම් ද සිදු කර ඇති බව එරට ගැට්වික් ගුවන් තොටුපල බලධාරීන් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ගුවන් ගමන් පාලකවරුන්ගේ හිඟය හමුවේ ඇති වූ තාක්ෂනික දෝෂ ද එයට බලපා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම සේවක හිඟය සම්බන්ධයෙන් එරට ජාතික ගුවන් ප්‍රවාහන සේවය සමාව අයැද ඇති අතර කඩිනමින් ගුවන් ගමන් යථා තත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර තිබෙනවා.